Hot News

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණුලාභියා මෙන්න

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ල දිස්ත්‍රික්කයෙන්…

ඇල්ල වැල්ලවාය මාර්ගයේ මියගිය ගණන 15 දක්වා ඉහළට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.

පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය. 

විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයකි.

පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්විය.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව සඳහන් ය.

කෙසේවෙතත් බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය හේතුවෙන් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව පොලීසිය පැවසීය.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් රථ අනතුරෙන් මියගිය ගණන 15 දක්වා ඉහළට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ අනතුරින් මියගිය ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

එහිදී 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටිනවා.

බස් රථය ප්‍රපාතයට පෙරළී මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේවන විට තුවාල ලැබූ 15කට වැඩි පිරිසක් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇල්ල වැල්ලවායේ ප්‍රපාතයට ගිය බස් රිය

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 15 වන කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී මීට මොහොතකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා නොවේ.

සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 5 සහ 6 ශ්‍රේණි හැර අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති අකුරට වැඩ

අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවය.  

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ද කෝසල අබේසිංහ මහතා පැවසුවේය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. 

අද දිනයේ (04) දහවල් 12:09ට රාගම, කිරිඳිවැල, රුවන්වැල්ල, නාවලපිටිය සහ ලුණුගල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණුලාභියා මෙන්න

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198ක්.

දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාවයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික් සදහා කඩඉම් ලකුණු සීමාව, සිංහල මාධ්‍ය 140ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 134ක් වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 136ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 135ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වේ.

බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 134ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වන අතර අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 133ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 131ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

කිළිනොච්චිය, වව්නියාව, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 127ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 127ක් සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 131ක් වන අතර යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

පසුගිය අගොස්තු මස 10 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති අතර ඒ සදහා අයදුම්කරුවන් 308,026ක් ඉල්ලුම් කර තිබුණි.

එම අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වේ.

විභාග අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි අතර අදාළ විභාග ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට ද පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අද (04)දිනයේ සිට අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හැකි අතර අපේක්ෂකයින්ගේ කේවල සහතික පත්, අභියාචනා සලකා බැලීමෙන් පසු පාසල් වෙත තැපැල් මඟින් යොමුකිරීමට නියමිතය.

රඳවාගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් මුදා හැරීමට එකඟවේ

BYD විද්‍යුත් වාහන 506ක් තවත් බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා.

BYD වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කරනු ලැබුවා.