Hot News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුමට චීනයේ අඛණ්ඩ සහාය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුම සම්බන්ධයෙන් චීන ජාතික රෝග වැළැක්වීම් හා පරිපාලන දෙපාර්තමේන්තුව ප්‍රතිචාර…

Hot News

වන අලි අනතුරට ලක් කරන්නේබිමත් සහ වේගසිමා උල්ලංගණය කරනදුම්රිය රියදුරන් – පරිසර සංවිධාන

හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ අද අලුයම දුම්රියේ ගැටීමෙන් අලියෙකු මිය යාමත් සමග මේ වසරේ අනතුරට…

Hot News

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායම අතර හමුවක්.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අභිවෘද්ධිය වෙනුවෙන් චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් සහ මෙරට ඊට…

Hot NewsSport News

අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන් බවයි.

අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන්…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුමට චීනයේ අඛණ්ඩ සහාය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුම සම්බන්ධයෙන් චීන ජාතික රෝග වැළැක්වීම් හා පරිපාලන දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වයි.

පසුගිය 20 වනදා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති 78වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුම සම්මත කර ඇත.මේ සම්බන්ධයෙන් චීන ජාතික රෝග වැළැක්වීම් හා පරිපාලන දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර කර්යාලයේ ප්‍රධානී Hu Guang මහතා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදාළ ස්ථාවරය පැහැදිලි කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුම සම්පාදනය කිරීම COVID-19 වසංගතය පැතිරී යාමෙන් පසු ලෝක මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ පරිපාලන ප්‍රතිසංස්කරණයේ වැදගත් පියවරකි. එම ගිවිසුමට අදාළ සාකච්ඡාවලට චීනය සැම විටම සක්‍රිය ලෙස සහභාගි වූ බව හෙතෙම සඳහන් කළේය. මහජන සෞඛ්‍ය ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ චීන ජනපති ෂී ජින්පිං මහතාගේ සංකල්පය අනුව, අදාළ සාකච්ඡාවලදී සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරමින් ඒ ඒ රටවල් හා එක්ව, සමගිය හා සහයෝගිතා තහවුරු කිරීම චීනය ප්‍රවර්ධනය කර ඇත.වසංගත වැළැක්වීම් හා නිරීක්ෂණය යන තාක්ෂණික කරුණුවලදී විද්‍යාත්මක සංකල්පයෙන් අදාළ ගිවිසුම් සකස් කිරී‍මට චීනය ගැඹුරු දායකත්වයක් දැක්වූ බව ද Hu Guang මහතා ප්‍රකාශ කළේය.

ඊට අමතරව, සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ නිෂ්පාදන සාධාරණ ලෙස ලබා ගැනීමට කරන ලද ඉල්ලීම්වලට චීනය බ්‍රසීලය, ඉන්දුනීසියාව හා බංග්ලාදේශය යන රටවල් සමග සක්‍රිය ලෙස ප්‍රතිචාර දක්වා ඇත. වගකීම් සහගත රටක් ලෙස චීනයේ යහපත් ක්‍රියාකාරිත්වය මෙමගින් පිළිබිඹු වන බව ද චීන ජාතික රෝග වැළැක්වීම් හා පරිපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පැවසීය.
-CGTN Sinhala

EPF සේවාවන් අත්හිටුවයි.

ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද(21) සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.

සේවාවන් 5ක් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිසට මැයි 23 වැනිදා සිට ප්‍රමුඛතාවය අනුව ඒවා ලබා දෙන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා
සඳහන් කළා.

අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති.මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි .
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
එමෙන්ම උතුරු – මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. හලාවතසිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි .

හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැක.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).
මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් අද සිට

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ
මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මගින් අද සිට (2025.05.21)
ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සළසා ඇත.

අන්තර් හුවමාරු 35 ක් සහ පිටවීම් ගේට්ටු 119 ක් තුළ සේවා පහසුකම් ලබාදීමට සුදානම්ව ඇත.

වන අලි අනතුරට ලක් කරන්නේබිමත් සහ වේගසිමා උල්ලංගණය කරනදුම්රිය රියදුරන් – පරිසර සංවිධාන

හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ අද අලුයම දුම්රියේ ගැටීමෙන් අලියෙකු මිය යාමත් සමග මේ වසරේ අනතුරට ලක්වීමෙන්
මිය ගිය අලියන් ගණන 10 ඉක්මවා ගොස් තිබේ.

අධි සංවේදී කලාපයන් හි මෙසේ අලියන් අනතුරට ලක්වන්නේ බිමත්ව සහ නියමිත වේගසිමා උල්ලංඝණය කරන
දුම්රිය රියදුරන් නිසා බවයි, පරිසර සංවිධාන පවසන්නේ.

මෙම තත්වය පාලනය කිරීමට ව්‍යපෘති කිහිපයක් වනජීවී දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකාබද්ධව
ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන සහ මහා මාර් ග අමාත්‍යංශය පවසයි.

දුම්රිය රියදුරන් වන සතුන් සම්බන්ධයෙන් සහකම්පනයක් ඇති කිරීම.

ඒ.අයි තාක්ෂණය හරහා ධාවනය වන දුම්රියට මීටර් 30 ඉදිරියෙන් සිටින වන අලින් හදුනා ගැනීම.

දුම්රිය රියදුරුන්ට සිය දර්ශන පථය පුළුල්ව දකිය හැකි පවර් සෙට් දුම්රිය ධාවනය.

ගල්ගමුව අලි උමං වයාපෘතිය යලි ඇරඹ්ම.

එම ව්‍යපෘති අතරින් කිහිපයක්.

වනජීවී දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක කලත් ඒවා නිෂ්ඵල වී ඇතැයි පරිසර සංවිධාන පවසති.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා මේ සිදුවීම සහ ඉහත චෝදනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කලා.

පළමු පැරා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගය හෝමාගමදී

ශ්‍රි ලංකාවේ පැවැත්වූ පළමු පැරා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගය පසුගියදා හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.පසුගිය 17, 18 දෙදින තුළ පැවති මෙම ක්‍රීඩා උත්සවය සඳහා තරඟකරුවන් 450කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. ඒ සඳහා එක් වූ ක්‍රීඩා සමාජ ප්‍රමාණය 40 කි.


අවු. 17න් පහළ බාලක ශූරතාවය වරෝඩ් ක්‍රීඩා සමාජය ලබාගත් අතර රත්මලාන අන්ධ විද්‍යාලය අවු.17න් පහල බාලිකා ශූරතාවය දිනා ගන්නා ලදී.
වත්තේගම V.T.T ක්‍රීඩා සමාජය සහ රත්මලාන අන්ධ විද්‍යාලය පිළිවෙලින් අවු.20න් පහල බාලිකා ශූරතාවය සහ අවු. 20න් පහල බාලක ශූරතාවය හිමිකම් කියන ලදි.

අපරාධ මැඩලීමට පොලීසියෙන් නව මෙහෙයුමක්

අපරාධ වැඩියෙන් සිදුවන පොලිස් ස්ථාන 52ක් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම පොලිස් ස්ථාන 52 ආවරණය කරමින් විශේෂ බලකා කණ්ඩායම් 15ක් යොදවා මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි අමත්‍යවරයා ප්‍රකාශ කළේය.
දිවා රාත්‍රී මුර සංචාර, ජංගම සංචාර, හදිසි මාර්ග බාධක, බුද්ධි තොරතුරු එක් රැස් කිරීම වැනි පොලිස් රාජකාරී විශේෂ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.


ඊට අමතරව සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැලැක්වීමට බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්යාංශය, කොළඹ අපරාධ කොට්ඨාශය ඒකාබද්ධ වී විශේෂ කාර්ය සාධක බලකා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.

ත්‍රිවිධ හමුදාවේ දොලොස් දහසකට අධික පිරිසකට උසස්වීම් ප්‍රදානය කෙරේ

ජාතික රණවිරු සැමරුමේ කොටසක් ලෙස ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 217 දෙනෙකුට සහ සෙසු නිලයන් 12,217 කුට මෙලෙස උසස්වීම් ප්‍රදානය කර ඇත. මෙම උස්ස්වීම් ඊයේ (19) සිට ක්‍රියාත්මක වන බව ආරක්ශක අමාත්‍යංශය පැවසීය.
නාවික හමුදාව විසින් නිලධාරීන් 22 ක් සහ සෙසු නිලයන් 1256 දෙනෙකු මෙලෙස උසස් කර ඇත. නිලධාරීන් 9 දෙනෙකු සහ අනෙකුත් නිලයන් 868 දෙනෙකු ගුවන් හමුදාව විසින් උසස් කර ඇති අතර යුද්ධ හමුදාවේ නිලධාරීන් 186 දෙනෙකු සහ අනෙකුත් නිලයන් 10,093 දෙනෙකු ද උසස් කර ඇති බව පැවසේ.

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායම අතර හමුවක්.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අභිවෘද්ධිය වෙනුවෙන් චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් සහ මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධව අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ සහ දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණෙන් මෙම හමුව පවත්වන ලදී.
වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ (China International Communications Group – CICG) සභාපති ඩූ ෂැන්යුවාන් මහතා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම සකච්චාවට එක්විය.
මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ශක්තිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය වන මානව සම්පත් සංවර්ධනය සහ ඊට අදාළ විශේෂඥ දැනුම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මුල්‍ය ආධාර ලබාගැනීම, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සහ නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ භාවිතය, රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය මෙන් ම සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය උදෙ‍සා සන්නිවේදන ක්ෂේත්‍රයේ භාවිතාවන් වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහි දී දීර්ඝ ව සාකච්ඡා සිදු කෙරිණි.

අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන් බවයි.

අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන් බවයි.

මානුෂීය ආධාර ලබාදීම සඳහා ගාසා තීරයට ඇතුල්වීමට එක්සත් ජාතීන්ට ඊශ්‍රායලය ඉඩ ලබාදෙයි.

දරිද්‍රතාවය හා බෝම්බ බියෙන් වෙලී මාස හතරක් හුදෙකලාව සිටි ජනතාව සඳහා මානුෂීය ආධාර රැගත් රථ පෙළක් ගාසා තීරය වෙත ලඟාවනා අයුරු බටහිර මාධ්‍ය වාර්තා කලා.

මිලියන 2.1 ක් වන පලස්තීනුවන් සඳහා මෙම ආධාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ.