කොලොන්නාවේ ගංවතුර කළමනාකරණයට සක්‍රිය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කෙරේ.

රතුකුරුස සංවිධානය , සර්වෝදය ඇතුලු ස්වේච්ඡා සංවිධාන ඒ සඳහා සක්‍රිය දායකත්වය සපයයි . මහජන ආරක්ෂාව සහ ආපදා තත්වයන් පාලනයට ප්‍රදේශයේ ව්‍යාපෘති 26ක් දැනටමත් ක්‍රයාත්මකයි.

මේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේදී පොලීසියට, රජයේ සේවකයින්ට හා ප්‍රදේශයේ තරුණ ප්‍රජාවට එහි වැඩි වගකීමක් පැවරේ. ප්‍රදේශය තුල විමධ්‍යගත අරමුඳලින් සිදුකෙරෙන සෑම ව්‍යාපෘතියකම අධීක්ෂණය ප්‍රතිලාභීන් වන ජනතාවට පැවරේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් අද කොලොන්නාව ප්‍රාදේශීය සම්භන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *