දූෂණයට, වංචාවට, සහ සොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
වත්මන් ආණ්ඩුවට සහ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වවලට හොරකම් නොකරන අය ඉන්නවා කියා සුජාත භාවයක් ලබා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.
අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ පැවැති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියා.
එසේම මෙරට නිදහස් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතු බවත් ප්‍රජාව සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගන්නවා සේම ප්‍රජාවගේ අදහස් ද අප දැනගත යුතු බවත් මේ සන්නිවේදනයට අත තියන්න රජය විවිධ උත්සාහයන් දරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සත්භාවයෙන් ක්‍රියාත්මක වන මේ වැඩසටහන තුළින් නිදහස් මාධ්‍ය ද සුරක්ෂා කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.