මානව හිමිකම් සහ මිනිස් අයිතිවාසිකම් වලට පුළුල් දැක්මක් අවශ්‍ය බව විපක්ෂ නායක පවසයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අතුරුදන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කර්යාලය, ජාතික සමගිය හා සංහිදියාව උදෙසා නිර්මාණය වු කර්යාලය හරහා යුද සමයේ සංහිදියාව සාක්ෂාත් කර ගැනීමට පියවර ගණනාවක් ගෙන ඇති බවයි.

ජනතාවගේ හඬ යටපත් කරන පනත් සංශෝධනය කළ යුතු බවත්, නිදහස් මාධ්‍ය නියාමනයට ඉඩ දීමට නොහැකි බවත්, ජීවත් වීමේ අයිතිය මානව අයිතියක් කළ යුතු තවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

විපක්ෂ නායකවරයා මේ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් පාර්ලිමේන්තුවේ දී හමුවීමෙන් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *