ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන ඇතුළු නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු සිටින බව හෙළිව තිබෙනවා.
තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර අනතුරින් මියගිය 15 දෙනා අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටිනවා.
අනතුරෙන් තුවාල ලැබූවන් බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.