2025.08.06 ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රී

ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) රාත්‍රී වීදි සංචරයට එක්වේ.
දළදා පෙරහැර වීදි සංචාරයට එක්වීමට නියමිතව ඇත්තේ රාත්‍රී හත පසුවී මිනිත්තු හයට යෙදෙන සුබ මොහොතිනි.
දළදා වීදියෙන් ගමන් අරඹන පෙරහැර කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් විත් ඉහළට ගෙවැදීමට නියමිතය.
ඊයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පෙරහැර ගමනට එක්විය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *