ප්‍රංශ තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රි ලංකාවේ බලශක්ති ප්‍රවර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳව සාකච්ඡාවක් ඊයේ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

මේ සාකච්ඡාව සඳහා ප්‍රංශ තානාපති රේම් ලැම්බර්ට් මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර විය.


මෙහිදි දෙරට අතර බලශක්ති සහයෝගීතාවය වැඩි දියුණු කිරීම පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.


සූර්‍ය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමට , බලාගාර ආශ්‍රිතව ජලාශ වල ජල ධාරිතාව ඉහල නැංවීම , බලශක්‍ති කාර්‍ය්ක්ෂමතාවය වැඩිදියුණු කිරීම, තාක්ෂණික හා මුල්‍යමය සහයෝගීතාව පිලිබද මෙහිදි මූලීක වශයෙන් සාකච්ඡා කෙරුණි.

පරිසර හිතකාමී නව බලශක්ති ප්‍රවර්ධනය සඳහා ගත හැකි නව ක්‍රියාමාර්ග පිලිබදව ද දෙපාර්ශවයේ සාකච්ඡාවේදී අවධානය යොමු විය.


ප්‍රංශ තනාපති කාර්‍යාලයේදි නියෝජිත පිරිසක්ද මේ අවස්ථාවට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *