ජිනීවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ තෙවැනි දිනය අදයි.ඒ සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටිනවා.
එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉන්දීය නියෝජිත පිරිස සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා එහිදී අවිධිමත් අංශයේ සමාජ ආරක්‍ෂණය පිළිබඳව අවධානය යොමු කර ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසනවා.
අවිධිමත් අංශයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්දීය නියෝජිත පිරිස ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවද එම වැඩපිළිවෙල දියත් කිරීම සඳහා ඉන්දීය සහය අපේක්ෂා කරන බවයි.ඒ සඳහා ඉන්දීය නියෝජිත පිරිස එකඟතාවය පළ කළහ.
දෙරට අතර යෝජිත සමාජ ආරක්ෂණ සම්මුතිය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්වුණු අතර ඒ සම්බන්ධයෙන් කඩනමින් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවයේම එකඟතාවය පළ වුණා.
ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳව දෙරටේ සාකච්ඡාවට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය තුරන් කිරීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
මෙම ද්පාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවාහි මෙරට මහ කොමසාරිස් හිමාලි කරුණාතිලක ඇතුළු කම්කරු අමාත්‍යංශය නිලධාරින් පිරිසක් එක් වූ අතර ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ උප ඇමති සහ ලේකම් මන්දනා ගුර්නානි මෙනවිය සමග ජිනීවාහි ඉන්දීය තනාපති අරින්දම් බාග්ජි සහ ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ පිරිසක් එක්වුනා.