ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටකට සංවර්ධනය සදහා ලගාවිය නොහැක. සමාජ, දේශපාලන හා සංස්තිය යන කුලුනු තුනෙහිම සංවර්ධනය වී එකවර ඉහලට එසවිය යුතු ඇතැයි ජනාධිපති ානුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සදහන් කලේ අද මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමග මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී ය.
චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් වල විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කලේ පොදු ජනතාව සමග යුග කිහිපයක් පුරා නිරතවූ සාමූහික ප්‍රයත්නක ප්‍රතිඵලයක් ලෙසයි.
රටක් සංවර්ධනය සදහා ගෙන යාමේදී සියලු දෙනාටම අනන්‍ය වගකීමක් ඇත. ඉලක්ක ලගා කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයක් තුලින් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමනක් නිලධාරීන් මත පැටවීමක් සිදු නොකරන බවත් විශේෂඥ දැනුම සහිත නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡා වලින් අවශ්‍ය තීර්ණ ගන්නා බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ.
අත්තෝමතික දේශපාලන මැදහත් වීම් නිසා ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කලා.
උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ශේත්‍ර රජය යටතේ පවත්වාගෙන යනවා සේම රජයේ මූලික ප්‍රතිපත්තිය මත පිහිටා අදාල ආයතන වල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දුන්නා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම, 2027 වසරේ GSP+ සහන වැසඩසටහන පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ අවධානයට ලක් කරා.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුලු මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් එක්වුනා.