රුසියාවේ නැගෙනහිර කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් ඇති වූ රික්ටර් මාපකයේ 8.8 ක භූමිකම්පාවකින් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
රුසියාවේ වෙරළබඩ නගරයක් වන පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 136 ක් (සැතපුම් 84) නැගෙනහිරින් භූමිකම්පාව සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා.
ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය එහි නැගෙනහිර වෙරළ තීරයේ වැඩි කොටසකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, මීටර් 3 (අඩි 9.8) දක්වා උස රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවා තිබෙනවා.
තායිවානය, පිලිපීනය, හවායි සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද අතර, එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශ සඳහා උපදේශන නිකුත් කර ඇත.