මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවා ගමනවල වෙනසක්

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශය වසා දමා ඇති බැවින් ශ්‍රී ලංකන් ගුවන් සේවය තම යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් ප්‍රකාශයට් පත්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගුවන් සේවය පැවසුවේ, එහි ප්‍රතිඵලයක් ලෙස, ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුවී ඇති බවයි.

මෙම වෙනස්කම් හේතුවෙන් යුරෝපයකරා ගමන්කරන ශ්‍රී ලන්කන් සේවාවන්හි ගුවන් ගමන් කාලය වැඩි වී තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය තම මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්මට ප්‍රමුඛතාවය දීම සඳහා මෙම වෙනස්කම් ක්‍රියාත්මක කරන බැවින් අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතුකරනලෙස ඉල්ලාසිටියි.

වැඩි විස්තර සඳහා, මගීන්ට 1979 (ශ්‍රී ලංකාව තුළ); +94 11 777 1979 (ජාත්‍යන්තර); WhatsApp +94 74 444 1979 (කතාබස් පමණි); හෝ ඔවුන්ගේ අදාළ සංචාරක නියෝජිතයන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *