ක්ලීන් ශ්‍රී ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ටත් එයි

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලය මගින් සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රීරෝද ර රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.


එහි මූලික සාකච්චාවක් ඊයේ (18) ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුණා.
පළාත් 9 යම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් 10,000 ක් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.


එක් පළාතක වැඩසටහන් 10 බැගින් සිදු කිරීමට අපේක්ෂා කරයි. ඒ සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ඇස්තමේන්තු කර ඇත.


ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති පිළිබද දැනුම ලබා දීම, ත්‍රිරෝද රථ රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටු වන අයුරින් සේවා සැපයීම සහ සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දීම යන කරුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් (ඉංජිනේරු) එස්.පී.සී. සුගීෂ්වර, මුදල් අමාත්‍යංශය, නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, උතුරු පළාත් සභාව, සබරගමුව පළාත් සභාව, සංචාරක පොලීසිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් එක්වී සිටියා.


සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුන්ගේ වෘත්තීය සමිතිය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය, ජාතික ටැක්සි ඇප් රියදුරන්ගේ එකමුතුව, සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමය, ශ්‍රී ලංකාවේ ඇප් ප්‍රවාහකයන්ගේ සම්මේලනය යන සංගම්වල නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *