ශ්‍රී ලංකාව තුළ covid -19 අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. වසංගත රෝග විද්‍යාංශයේ දත්ත උපයෝගී කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා අනිසි බියක් ඇති නොකර ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Covid 19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ස්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල් වල අඛංඩව සිදුවෙමින් පවතී.
එම ඒකාබද්ධ ස්වසන ආවේක්ෂණ පරීක්ෂණ අනුව Covid 19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරයි.
තවද වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය ආවේක්ෂන පද්ධතියන් සක්‍රීයව පවතින බව නිවේදනයේ වැඩි දුරත් පවසා සිටී.