මෙම වර්ෂය තුළදී ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් අරඹන බව ද එහි ඉදිකිරීම් කටයුතු වසර දෙකයි මාස 6කින් දිවයින පුරා සියලු ඉදිකිරීම් කටයුතු නිම කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ වැඩමුළුවට සහභාගී වෙමිනි.
මෙය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේදී පැවැත්වුණා. දිවයින පුරා මෙම ඉදිකිරීම් සිදු කෙරේ.
වාර්ෂිකව රුපියල් බිලියන 200කට වඩා අඩු මුදලකින් ඖෂධ සහ ශල්‍ය අංශයන්හි ගැටළු විසඳීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවා.
ඔහු මේ බව පැවසුවේ ප්‍රාථමික සෞඛ්‍ය ව්‍යාපෘතිය පිළිබඳ වැඩමුළුවට සහභාගී වෙමිනි.
නව බඳවාගැනීම් වලින් සහ දැනට පුහුණුව ලබන කාර්යමණ්ඩල වලින් ප්‍රාථමික අංශයට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල ලබා දීමට නියමිතයි.
දැනට රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් පළමු අදියරේ දී ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
සෞඛ්‍ය පිළිබඳව මහජනතාව සවි බල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
මේ සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.