විදේශ රැකියා ලබාදීමේදී යෞවන සමාජ වලට ප්‍රමුඛතාවය ලබාදීමට සාකච්ඡා

ඉදිරියේදී විදේශ රැකියා ලබාදීමේ දී යෞවන සමාජ වල තරුණ තරුණියන්ට ප්‍රමුඛත්වය ලබාදීම කටයුතු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.


ඔහු මේ බව පැවසුවේ Youth club කොළඹ දිස්ත්‍රික් සම්මේලනය ඊයේ දිනයේ (27) ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත් වූ අවස්ථාවේදීයී.


කොළඹ දිස්ත්‍රික් සම්මේලන නිලවරණයේදී නව සභාපතිවරයා ලෙස පාරින්ද පැතුම් තේරි පත් උනා.
මෙම සම්මේලනයට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි උනා.


මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සදන් කළේ
” අපි බලාපොරොත්තු වෙන්නේ අපිව පසුකර යන තාරුණ්‍යයක් අපි ඔබ පසුපසින් ඉන්නවා ”

පොහොසත් රටක් නිර්මාණය කිරීමේදී මෙරට තාරුණ්‍යයට විශාල වගකීමක් පැවරී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.


ඉතිහාසය තුල Youth club තුළින් නායකයින් බිහිවීමට ඉඩ නොතැබු බවත් අපගේ අරමුණ වන්නේ මේ ඔස්සේ අනාගත නායකයින් ගොඩ නැගීම බවත් ඔහු පවසා සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *