පැරණි බල ව්‍යූහයන්ට තවදුරටත් කලහැකි දෙයක් නෑ – සජිත්

නැවත වරක් රට බංකොලොත්භාවයට පත් වීමට ඉඩ නොදී නව ජාතික පරිවර්තනයක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.


එය පැරණි බල ව්‍යූහයන්ගෙන් නොව නව පරම්පරාවකින් සිදුවිය යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.


ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ හැරවුම් ලක්ෂයක නොව පරීක්ෂණ ස්ථානයක බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා ලෝක බැංකුව විසින් මේ වන විට අප රටේ ආර්ථික වර්ධනය 3.5% සිට 3.1% දක්වා සංශෝධනය කර ඇති බවද කියා සිටියා.


මෙම සංඛ්‍යාලේඛන ශුභවාදී නොවන නිසා මේ ගැන සැලකිලිමත් විය යුතු බව ඔහු සඳහන් කළා.
ණය සහන කාලය 2028 වසරේ දී අවසන් වන නිසා එතැන් සිට නැවත වරක් ණය ගෙවීමට සිදුවන බවත් ඒ වෙනුවෙන් අප රටක් ලෙස ගැඹුරු පරිවර්තනාත්මක වෙනසකට මුල පුරන්නේ නැතිනම්
නැවත වරක් දෙවැනි වරටත් රට බංකොලොත්භාවයට පත් වන බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.


විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවැති 2025 යොවුන් ව්‍යාපාර සමුළුවට (Teen Business Summit 2025) එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *