හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළා.

ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.

හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට අධිකරණය නිගමනය කර තිබුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *