අද කාලගුණය

දිවයින වටා මුහුදු තීරයේ කාලගුණ තත්ත්වය

පුත්තලම සිටි කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිරිත දෙසින් හමා යන සුළඟේ වේගය පැයට කිලෝමීටර (30 – 40 ) පමණ වේ. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී (50 – 55) පමණ දක්වා ඉහළ යා හැකිය එම ප්‍රදේශයන්හි මුහුදේ ස්වභාවය රළු විය හැකිය.

දිවයින වටා 2025/07/01 (අද) දින කාලගුණ තත්ත්වය

බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්වල්ප වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද සහ වයඹ ප්‍රදේශවලත් වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (30 – 40 ) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *