ලංකා ගල්අඟුරු සමාගමෙන් නිවේදනයක්

2025/26 ගල් අඟුරු වාරය සදහා සැලසුම් සහ සැපයුම් තත්ත්වය පිළිබඳ නිවේදනයක් ඉදිරිපත් කර තිබෙනවා.


මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වී තිබෙන බැවින් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමේ අරමුණින් ලංකා ගල්අඟුරු සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත.


ඒ අනුව දැනට තිබෙන තොග සහ සැලසුම්,
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා 2025 සැප්තැම්බර් මස අවසානය දක්වා අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රමාණවත් ලෙස තිබේ.


වර්තමාන සැපයුම් කොන්ත්‍රාත්තුව යටතේ තවත් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 840,000 ක් ලබන 2025 සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස මුල දක්වා සැපයීමට නියමිතය.


ඉදිරි ප්‍රසම්පාදනයන් ලෙස,
ඉදිරි වසර සඳහා අවශ්‍ය ගල් අඟුරු සැපයුම් සඳහා වන ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.


වර්ෂාපතනය සහ සැපයුම් කාලය,
සෑම වසරකම පවතින නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ගල් අඟුරු සැපයුම සාමාන්‍යයෙන් සැප්තැම්බර් සිට ඊළඟ වසරේ අප්‍රේල් තෙක් පමණක් සිදුවේ.


එම නිසා, ඉදිරි ගල් අඟුරු වාරය සඳහා ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් කිසිඳු අවදානමක් මේ වන විට නොපවතින බව ලංකා ගල්අඟුරු සමාගම මෙම නිවේදනය නිකුත් කරමින් පවසා තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *