බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර අද

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර අද රාත්‍රි 7 සිට විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පෙරහැර සජීව විකාශය අද රාත්‍රි 7 සිට Channel ඔස්සේ නැරඹීමට ඔබට හැකියාව තිබෙනවා.

බෙල්ලන්විල රජ මහා විහාරයේ රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී 07.00 සිට අලුයම දක්වා බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අවට ප්‍රධාන මාර්ග මූලික කරගෙන වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.


පෙරහැර වීථී සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කළා. .


පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දකුණු වාහල්කඩින් පිටත්ව බෙල්ලන්තර හන්දියෙන් කීල්ස් වටරවුම දක්වා ගමන් කර මාර්ග අංක 117 විහාර මාවත හන්දියෙන් විහාර මාවතට ගමන් කර මාර්ග අංක 119 විහාර මාවත දක්වා විහාරයේ දකුණු වාහල්කඩින් විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.


බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර පිළිබඳ සජීව විකාශය Channel 07 ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *