ඇසළ පෙරහැර මංගල්‍යෙය් තෙවන කුඹල් පෙරහැර අද රාත්‍රීයේදී

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද (01) රාත්‍රී වීදි සංචාරයට නියමිතයි.

නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහ දේවාල පෙරහැර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර රාත්‍රී 07.16ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව වීදි සංචාරයට එක්වනවා.

එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතයි.

දෙවන කුඹල් පෙරහැර ඊයේ (31) රාත්‍රී වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහ රාජා ඇතු විසිනි.

කෝට්ටේ රජ මහ විහාරයේ කෝට්ටේ රාජා ඇතු සහ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් පුලතිසි රාජා ඇතු දෑලේ ගමන් ගත්තා.

ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් කරන ලද්දේ නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්. බණ්ඩාරනායක මහතායි.

දෙවන කුඹල් පෙරහැර නැරඹීම සඳහා සැදැහැවතුන් හා විදේශීය සංචාරකයන් රැසක් සහභාගී විය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *