ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා අයකරන තීරු බද්ද 20% ක් දක්වා අඩු කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
මේ ආකාරයෙන් අනෙකුත් රටවල් වලට ද කලින් ප්‍රකාශයට පත්කළ තීරු බදු අනුපාතය අඩු කිරීමට කටයුතු කර ඇත.
ඇමරිකාව විසින් මීට පෙර ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ භාණ්ඩ සඳහා 10% ක තීරු බද්දක් අය කළා. පසුව ට්‍රම්ප් පරිපාලනය විසින් එය 44% ක් දක්වා වැඩිකරන ලද අතර පසුව එය නැවතත් 30% ක් දක්වා අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තා.
එම ප්‍රමාණය නැවතත් මෙසේ 20% ක් දක්වා අඩුකර තිබෙනවා.
නව බදු අනුපාත අඩු වීම් ලෙස වියට්නාමය (20%), ඉන්දියාව (25%), බංග්ලාදේශය (20%) යන තරගකාරී රටවල ආසන්නයටම පැමිණ තිබෙන අතර එය ලංකාවේ අපනයන තරගකාරීත්වය පවත්වා ගැනීමට අනිවාර්යෙන්ම රුකුලක් වනු ඇත. තායිලන්තය, පාකිස්තානයේ සහ ඉන්දුනීසියාවේ බදු අනුපාත 19% ක මට්ටමක පවතී.