ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් ගුවන්තොටුපලේදී විනාඩි 5 වැනි කාලයක් තුල නිකුත් කිරීමේ නව වැඩපිලිවෙලක් ඇරඹා තිබෙනවා.
ඔවුන්ගේ වීසා කාලය අනුව මෙම වලංගු රියදුරු පත්‍රය නිකුත් කිරීම ඊයේ කටුනායක ගුවන්තොටුපල පර්යන්තයේදී ආරම්භ කෙරුණා. මේ සඳහා සියලු පහසුකම් සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව ශාඛා කාර්‍යලයක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදි විවෘත කෙරුණා. නව කාර්‍යාලය විවෘත කිරීම බිමල් රත්නායක විසින් සිදුවුණා. මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා විද්‍යුත් තැපෑල මඟින්ද තම රියදුරු අයදුම්පත් යොමු කල හැක. එමඟින් රියදුරු බලපත්‍රය නිකුත් කිරීම කාලය අවම කරගත හැකි බවයි මෙහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
විදේශකයින් සඳහා රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ ක්‍රමය මීට පෙර පැවතියේ වේරහැර පිහිටි මෝටර් රථ වාහන දෙපාර්තුමේන්තුවේ රියදුරු බලපත්‍ර ශාඛාව වෙතින් ලබා ගැනීමේ ක්‍රමයයි. මේ සඳහා ඔවුන්ගේ සංචාරක කාලයෙන් දින කිහිපයක් වෙන් කිරීමට සිදු වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ.
ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා වලංගු රියදුරු බලපත්‍රයක්
