බන්ධනාගාර රැඳවියන් සඳහා වෘත්තීය පාඨමාලා හැදෑරීම් වෙනුවෙන් රජය රුපියල් මිලියන සීයක්

බන්ධනාගාර රැඳවියන් සඳහා වෘත්තීය පාඨමාලා හැදෑරීම් වෙනුවෙන් රජය රුපියල් මිලියන සීයක් ලබා දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් චන්දන වීරසිංහ මහතා පවසනවා. රජයක් විසින් බන්ධනාගාර රැදවියන් සදහා මෙවැනි මුදලක් වෙන්කර ඇත්තේ ප්‍රතම වතාවට බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ගාල්ලේදී 306/D8 සිංහ දිස්ත්‍රික්කයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේ ප්‍රදාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක මේ බව ප්‍රකාශකර සිටියා.
බන්ධනාගාර රැඳවියන් යහපත් මිනිසුන් ලෙස සමාජගත කිරීම මෙහි මුලික අරමුණයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *