ගාසා තීරය අල්ලා ගැනීම සඳහා පුළුල් යුධමය සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විසින් අනුමත කර තිබෙනවා.
එමගින් ගාසා තිරයේ පවතින ගැටුම තවදුරටත් උත්සන්න විය හැකි බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.
ඊශ්‍රායල ආරක්ෂක නිලධාරීන්ට අනුව, මෙම මෙහෙයුමට හමාස් බලකොටු, භූගත උමං මාර්ග ජාල සහ ප්‍රධාන යටිතල පහසුකම් ඉලක්ක කරගත් වඩාත් පුලුල් මෙහෙයුමකින් යුක්තයි.
යුධමය ඉලක්කයන් ඉටුකරගත් පසු ගාසා තීරයේ පරිපාලනය සහ ආරක්ෂක පාලනය සඳහා වන සැලැසුම් ද මෙම යොජනාවට ඇතුලත්.
ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානි සහ අමානුශික තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර විවෙචන වැඩිවෙමින් පවතින මොහොතකයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නෙ .
පූර්ණ පරිමාණයේ අත්පත් කර ගැනීමක් අර්බුදය තවත් උග්‍ර කළ හැකි අතර කලාපයෙ අස්ථාවර භාවය තවදුරත් වර්දනය විය හැකිබව ට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අන්ත ර් ජාතික බලවතුන් දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.
පසුගිය කාලය තුල සිදුවු රොකට් ප්‍රහාර සහ දේශසීමා ප්‍රචණ්ඩත්වයෙන් පසුව තම ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම මෙහෙයුම අවශ්‍ය බවයි ඊශ්‍රායලය පවසන්නේ.
මෙ අතර පලස්තීන බලදාරින් මෙම පියවර හෙලා දකිමින් ප්‍රකාශ කරන්නෙ “බලහත්කාරයෙන් ගාසා තීරය අත්පත් කර ගැනීට ගන්නා උත්සාහයක් ලෙසයි.