මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළුව 12 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චොදනා ලැබු චීන ජාතිකයන් ඇතුළුව 12 දෙනෙකුට මියන්මාරයේ දි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. දේශසීමා හරහා සිදු කරන ලද මිනිස් ජාවාරම් , සහ නීති විරෝධී ලිංගික අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මියන්මාරයේ හමුදා අධිකරණ විසින් චීන ජාතිකයන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේනවා.
මියන්මාරයෙ යැංගොන්හිදී හමුදා අධිකරනයක් විසින් මෙම දඩුවම ලබාදි තිබෙනවා.
මේ අතර විවාහකයන් ලෙස පෙනිසිටිමින් තරුණ මියන්මාර කාන්තාවන් චීනයට ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් තවත් චීන ජාතිකයන් තිදෙනෙකු සහ මියන්මාර කාන්තාවකටද දඬුවම් පනවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.
මෑත වසරවලදී ගැටුම්වලින් පීඩාවට පත් උතුරු ප්‍රදේශවලින් කාන්තාවන් දහස් ගණනක් මෙසෙ ජාවාරම් කරුවන් විසින් අලෙවිකර ඇතිබව ට මානව අයිතිවාසිකම් පිලිබද නිරික්ශන කණ්ඩායම් වාර්තා කරනවා.

මානව හිමිකම් උපදේශකයින් විසින් මෙම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීම පිළිගෙන ඇති නමුත් මියන්මාරයේ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණයේ විනිවිදභාවය සහ ස්වාධීනත්වය පිළිබඳව විවේචන ද ඉදිරිපත්කරමින් තිබෙනවා

Comments (0)

Your email address will not be published. Required fields are marked *