කණ්ඩලම ජලාශයේ අසාධ්‍ය තත්ත්වයේ ජලය මත සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියා සුව කර ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරමින් සිටිනවා.
මේ වන විට අලියාගේ සෞඛ්‍ය තත්ත්වය යම් මට්ටමකින් හොඳ අතට හැරෙමින් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ගීරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය කණ්ඩායම සහ වනජීවීන් නිලධාරීන් කණ්ඩායම පසුගිය තුන්වැනි දා සිදුකරන ලද ප්‍රතිකාර සමග වන අලියා කණ්ඩලම වැව් දියෙන් ගොඩට ගැනීම සඳහා ඔවුහු දැඩි වෙහෙසක් සහ උපක්‍රමශීලීව පියවර ගැනීම විශේෂත්වයක්.
ඒ අනුව පශු වෛද්‍ය කණ්ඩායම සහ වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක් දරමින් ජලයේ සිටි වන අලියා සිටුවා කොස් කැබලි පෝලිමට තබා ජලයෙන් ගොඩට ගෙන ප්‍රතිකාර කිරීම් සිදු කර තිබුණා.
වෛද්‍ය කණ්ඩායමක් මෙන්ම වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙම කණ්ඩලමේ අලියාට දිගින් දිගටම ප්‍රතිකාර කළ ද ඔහුගේ පාදවලට දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවයි.
ඉදිරි පාද දෙකේම මේ වන විට තුවාල සිදුවී තිබෙන බවත් සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල දැක ගැනීමට හැකි වී ඇති අතර එම තුවාලවලට වෙනමම ප්‍රතිකාර කටයුතු සිදුකළ බවද වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.
ඉදිරියේ දී මෙම වන අලියාට දීගින් දිගටම ප්‍රතිකාර කටයුතු සිදුකිරීම අවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.