ජාතික කනිෂ්ඨ සහ ජේෂ්ඨ පිහිනුම් තරගාවලිය – ජාතික ශූරයා හේෂාන් ජාතික ශූරිය මිනාගි

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ ජාතික කනිෂ්ඨ සහ ජේෂ්ඨ පිහිනුම් තරගාවලිය දින තුනක් පුරා සුගතදාස පිහිණුම් තටාකයේදී පැවැත්වුණා. එම තරගාවලිය සඳහා පාසල් සහ ක්‍රීඩා සමාජ කණ්ඩායම් අසූවක් සහභාගී වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සියයක් එක් වී සිටියා. මෙහිදී කේවල තරග වාර්තා නමයක් සහ කණ්ඩායම් තරඟ වාර්තා නමයක් බිඳ හෙලමින් තරග වාර්තා අලුත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.
කාන්තා මීටර් 400 නිදහස්ආර ජාතික වාර්තාව අලුත් කිරීමට කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ මිනාගි රූපසිංහ සමත් වුණා. මීටර් 400 මිශ්‍රආර නව තරග වාර්තාවක් තැබීමටද ඇය සමත් වුණා. කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ රමුදි සමරකෝන් ඇයම වාර්තාකර තිබූ මීටර් 50 මිටර් 100 සහ දෙසීයය ජාතික වාර්තා බිඳ හෙලමින් මෙම තරගාවලියේ වාර්තා අලුත් කිරීමට සමත් වුණා.
පිරිමි මීටර් දෙසීය ළය ආර ජාතික වාර්තාව බිඳ හෙළීමට කිලර් වේල් ජල ක්‍රීඩා සංගමයේ ආසිෆ් ඉම්රාන් සමත් වුණා.
මීටර් දෙසීය පසු පස ආර තරඟයේ ජාතික කනිෂ්ඨ වාර්තාව අලුත් කිරීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ අකලංක නිසල් සමත් වුණා.
මීටර් දෙසීය ලයආර කනිෂ්ඨ පිරිමි තරගයේ නව තරග වාර්තා පිහිටුවීමට ශාන්ත පීතර විද්‍යාලයේ තරුක අශාන් සමත් වුණා. ජෙපාරි දුල පන්දන් පිහිනුම් සමාජයේ මෙගුමි කුලරත්න කනිෂ්ඨ මීටර් 200 සමනල ආර තරඟයේ නව වාර්තාවක් තැබීමට සමත් වුණා.
කනිෂ්ඨ දක්ෂතම පිහිනුම් ක්‍රීඩිකාවන් ලෙස කොළඹ මියුසියස් විද්‍යාලයේ රුෂාලි දිසානායක සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ දිලූෂි දිල්හාරා ද පිහිනුම් ක්‍රීඩකයා ලෙස ගම්පහ ලයිසියම් විද්‍යාලයේ දුලක්ෂ ගනිඳු ශූරතා දිනාගනු ලැබුවා.
දක්ෂතම ජාතික පිහිනුම් ක්‍රීඩිකාව ලෙස කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ මිනාගි රූපසිංහ ශූරතාවය දිනා ගනු ලැබූ අතර ජාතික පිහිනුම් ශූරයා ලෙස කිලර් වේල් ජලක්‍රීඩා සමාජයේ හේෂාන් කරුණාරත්න ශූරතාවය දිනා ගනු ලැබුවා.
සමස්ත කනිෂ්ඨ බාලිකා ශූරතාවය ලකුණු 404 ලබාගත් කොළඹ මියුසියස් විද්‍යාලය දිනාගත් අතර
බාලක ශූරතාවය ලකුණු පන්සිය තිස් දෙකක් ලබාගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය දිනා ගනු ලැබුවා.
ජාතික කණ්ඩායම් ශූරතාවය කිලර් වේල් ජල ක්‍රීඩා සමාජය දිනාගනු ලැබූ අතර ඔවුන් ලකුණු 890 ක් ලබාගෙන සිටියා. සමස්ත කාන්තා ජාතික කණ්ඩායම් ශූරතාවයද ලකුණු 626 ක් ලබා ගනිමින් කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ දිනාගනු ලැබුවා.
ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වී. ප්‍රේමචන්ද්‍රන් මහතා සහභාගි වී සිටි අතර
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *