කීරි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසවා.
ඊට විසඳුමක් නොලැබුණහොත් කීරි සම්බා ආදේශන සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි අමත්‍යවරයා සදහන්කළේ.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකලා.
“සහල් වෙළෙඳපොළේ ගැටළුව වී ඇත්තේ කීරි සම්බාවල බවත් ඒ අනුව ආනයනයට තීරණය කර ඇත්තේ කීරි සම්බා ආදේශන ප්‍රමාණයක් පමනක් බවයි අමාත්‍ය වරයා සදහන් කළේ.
නමුත් ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නැත්තේ යල කන්නයේ අස්වනු කැපෙන නිසා බවද වසන්ත සමර සිංහ ප්‍රකාශ කළා. කෙසේවෙතත් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකොට කීරි සම්බා හිඟය තවදුරටත් උග්‍ර කරන්න උත්සහයක් කරන්නේනම් කීරි සම්බා ආදේශන සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට තීරණය කර තිබෙන බවත් එය තවමත් ක්‍රියාත්මක කර නෙමැති බවයි අමාත්‍ය වරයා සදහන් කළේ.
පොළොන්නරුවේ ගබඩාවල කිරී සම්බා පමණක් මෙට්‍රික් ටොන් 85,000ක් තිබෙන අතර එම වී වෙළද පොළට නිකුත් කළ හොත් ගැටළුවක් නොවන බවත් එසේ නොමැතිනම් කීරි සම්බා අනයනය කීරීමට සිදුවන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාෂ කළේ.
අනෙක් සහල් ආනයනය කිරීමේ අවශ්‍ය තාවක් නොමැති බවත් යල කන්නයේ වී අස්වැන්න පසුලිය කන්නයට වඩා වැඩි වී ඇති අතර වගාකළ ප්‍රමාණය හෙක්ටයාර 80,000කින් ඉහලගොස් ආති බවත් ඒ හේතුවෙන් සහල් මිල රුපියල් 230ට අඩුවෙන් ලබාදීමට සැලසුම් කර ඇති බවත් වසන්ත සමරසිංහ අමාත්්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.