රාජිත සේනාරත්න අතඩංගුවට ගැනීම වැලැක්වීමෙ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

රාජිත සේනාරත්නගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, අගෝස්තු 12 වැනිදා තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මෝසම ඉදිරිපත් කර තිබුණා.


අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.


රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 02 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයන් සහ විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා පොලිසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.


අධිකරණය මඟහරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී අද අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මැයි 17වනදා රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *