ඊජිප්තුව සහ කටාර් රාජ්‍යන්හි මැදිහත් වීම මත ඉදිරිපත්කල දින 60 ක සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා.
පලස්තීන සිරකරුවන් වෙනුවෙන් දැනට රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාගෙන් අඩක් පමණ නිදහස් කිරීම මෙම ගිවිසුමට ඇතුළත්.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය නිල වශයෙන් ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර, විශේෂයෙන් ගාසා නගරයේ සබ්‍රා ආශ්‍රිත ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් දිගටම පවතින බව විදෙශ් මාද්‍ය වාර්තා කරනවා. ගාසා තීරයේ දිගටම පවතින දැඩි සටන් අතර සටන් විරාමයක් ලබා ගැනීමේ උත්සාහයන් පවතින්නෙ අවිනිශ්චිත ත්ත්වයක.
ගැටුම් කලාපයේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ තත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින බවට මානුෂීය ආයතන අනතුරු අඟවනවා.
2023 ඔක්තෝම්බර් මාසයේ ගැටුම ආරම්භ වූ දා සිට 62,000 කට අධික මරණ සංඛ්‍යාවක් සිදුවු බවට පලස්තීන බලධාරීන් වාර්තා කරනවා. මිලියන 2 කට ආසන්න ජනතාවක් අවතැන් වී ඇති අතර ආහාර නොමැතිවිම මට්ටම් කරා ළඟා වෙමින් පවන බවයි වාර්තාවන්නෙ.
ආහාර ටොන් 1,200 ක් ඇතුළු ආධාර නැව්ගත කිරීම් සිදුවෙමින් පවතින නමුත් අඛණ්ඩ බාධාකිරිම් හෙතුවෙන් ඒවා බෙදා දිම ගැටලුවක් විතිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් කණ්ඩායම් වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින අතර මානුෂීය ආධාර වැඩි කිරිමට ද කටයුතු කර තිබෙනවා.
මේ අතර, ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටිමින් ඊශ්‍රායලය පුරා විරෝධතා පවත්වෙන බවයි මාධ්‍ය වර්තාකරන්නෙ.