අනුරාධපුර නිධන් හෑරූ නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිද 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේදී නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් සිදු කළ කැණීම් කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් පිරිසක් 26 දක්වා රක්ශිත බන්දනාගාර ගත කිරිමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, කැණීම සිදු කරන ලද, දේවාලයක් අසල ඇති ගල් තලාවක් සහිත ඉඩම පුරාවිද්‍යා වටිනාකමක් සහිත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරීක්ෂා කර බලා, ඊට අදාළ පුරාවිද්‍යා වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු යැයි කියන පුද්ගලයකු පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කර ඇත්දැයි අනාවරණය කර ගැනීමට, සියලු සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලිසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් චන්දන වීරකෝන් සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *