මධ්‍ය තැපැල් හුවමාරුවට පොලීසිය

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වැනි දිනයටත් ක්‍රියාත්මක වනවා.

මෙහිදී වර්ජකයන් සඳහන් කරන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කොන්දේසි මත සාකච්ඡාවලට සහභාගි වීමට ඔවුන් සූදානම් නොවන බවයි

එම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණ කිසිසේත් පසුබට නොවන බවයි.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තවදුරටත් ක්‍රියාත්මක අතර වර්ජනය හේතුවෙන් තැපැල් සේවාවන් සඳහා පැමිණි ජනතාවට දැඩි අසීරුතා ලබාදී ඇත.

Comments (0)

Your email address will not be published. Required fields are marked *