රාත්‍රියේ බන්ධනාගාරයට පැමිණි හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට ඇතුල්වීමට අවසර නොදෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසක් ඊයේ (22) රාත්‍රියේ නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් බන්ධනාගාරය වෙත පැමිණිය ද, ඉන් ඇතුළුවීමට අවසර නොලැබුණු බවත්, ඔවුන් පසුව බන්ධනාගාරය පිටත රැඳී සිටි බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළ අතර, ඉන් අනතුරුව ඔහු ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

comment loading image මහජන ප්‍රතිචාර

Comments (0)

Your email address will not be published. Required fields are marked *