රනිල්​ව අධිකරණයට රැගෙන එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදා ගත් බවට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව, අද (22) දහවල් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ වන විට කොළඹ කොටුව උසාවිය අසල හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයන් රැසක් එක්රැස් වී සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *