තැපැල් වර්ජනය හයවන දිනටත් ක්‍රියාත්මකයි

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනයටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක වනවා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගසා තිබුණු තැපැල් මලු ආරක්ෂක අංශ යොදවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.

සිය ඉල්ලීම්වලට නිසි පිළිතුරු ලබා නොදීම ගැන විරෝධය පළ කරමින් තැපැල් වාත්තීය සමිති විසින් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ඊයේ (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ද ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත්, සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුරු අතහැර ගියා සේ සළකා කටයුතු කරන බවට තැපැල්පතිවරයා විසින් නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *