ලංකාව ගොඩ දැමූ රනිල් වහා නිදහස් කරනු.. චෝදනා කිසි අගයක් නෑ – එරික් සොල්හයිම්

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඔහු වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ හිටපු විශේෂ සාම නියෝජිතයෙකු වන එරික් සොල්හයිම් මහතා ඉල්ලයි.

X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සොල්හයිම් මහතා සඳහන් කර ඇත්තේ, වික්‍රමසිංහ මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින “ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලොව පුරා සිටින නායකයින්” සමඟ තමන්ද එක්වන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වික්‍රමසිංහ මහතා 2022 වසරේ ඇති වූ ආර්ථික හා දේශපාලන අර්බුදයේදී “ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා” බවයි.

තවදුරටත් අදහස් දක්වමින් සොල්හයිම් මහතා කියා සිටියේ, වික්‍රමසිංහ මහතාට එල්ල වන චෝදනා “අගයක් නැති” බවත්, එම චෝදනා සත්‍ය වුවද, යුරෝපයේදී ඒවා කිසිදු අපරාධමය හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසලකන බවත් ය.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ව්‍යාපාරයට සිය සහාය පළ කර ඇති හිටපු නෝර්වේ දූතයා, බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේ වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු පැවරීම වෙනුවට “සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන” ලෙසයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *