බැකෝ සමන්ගේ බිරිඳ CID භාරයට

බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා ඉන්දුනීසියාවෙන් පිටුවහල් කර ඇති අතර, පසුව ඊයේ (29) පස්වරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු, වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *