ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බස් රථ අනතුර සිදුවීමට පෙර රියදුරු විසින් තිරිංගවල දෝෂයක් පවතින බවට ප්‍රකාශ කර ඇති බව අනතුරින් දිවි බේරාගත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
බස් රථයේ අධික වේගය නිසා පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
තංගල්ල නගර සභාවේ සේවකයන් සහ පවුලේ සාමාජිකයන් විනෝද චාරිකාවක් සඳහා ගමන් ගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුවූ අතර මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15ක්.
බස් රථය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ගැටී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව තුවාලකරුවන් රෝහල්ගත කර තිබෙනවා.