හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුතු නිවාස 2ක්, එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා මුදල්, ඩිස්කවරි ජීප් රථයක් මෙන්ම බැංකු ගිණුම් 4ක්, බිරියට අයත් ගිණුම් 4ක් ඇතුළු දේපළ රැසක් පවතින බව අල්ලස් කොමිසම පවසන බව දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙනවා.
මේ නිවාස දෙක කොළඹ 07, ධර්මපාල මාවතේ ඇති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් මිලදී ගෙන ඇති අතර, එයින් එක් නිවෙසක් රුපියල් කෝටි 8ක් සහ අනෙක් නිවෙස රුපියල් හය කෝටි පනස්ලක්ෂයක් වන බවයි හෙළිදරව් කර ඇත්තේ.