මරදාන අලුත් කරන්න ජනපති අද වැඩට බහින හැටි

ඓති­හා­සික වශ­යෙන් වැද­ගත් දුම්රිය ස්ථාන­යක් සහ මෙරට දෙවැනි විශා­ල­තම දුම්රිය ස්ථානය වන මර­දාන දුම්රිය ස්ථානය නවී­ක­ර­ණය කට­යුතු සහ පිට­කො­ටුව මධ්‍යම බස් නැව­තු­ම්පොළ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (15) ආරම්භ වීම සම්බන්ධයෙන් ශ්‍රිලංකාවේ පළ වන පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය වැඩි ඉඩක් ලබාදී තිබෙනවා.

සිහින ගම­නා­න්තය, ව්‍යාපෘ­තිය යටතේ පෞද්ග­ලික අංශයේ දාය­ක­ත්ව­යෙන් දුම්රිය ස්ථානයේ පෞරා­ණි­ක­ත්ව­යට හානි නොවන පරිදි මේ නවී­ක­රණ කට­යුතු සිදු කිරී­මට නිය­මි­තයි.

1964දී ස්ථාපිත කරන ලද පිට­කො­ටුව මධ්‍යම බස් නැව­තු­ම්පොළ රුපි­යල් මිලි­යන 424ක විය­ද­ම­කින් වසර 60කට පසුව ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම විශේ­ෂ­ත්ව­යක්.

මධ්‍යම බස් නැව­තු­ම්පො­ළෙන් දෛනි­කව ක්‍රියා­ත්මක වන බස් රථ ගමන් වාර ගණන 1500කට අධි­කයි.

මෙරට බස් නැව­තු­ම්පොළ 50ක් නවී­ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ මෙහි අලු­ත්වැ­ඩියා කට­යුතු ද සිදු කෙරේ. ප්‍රවා­හන, මහා­මාර්ග හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි මේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *