ගාසා තීරය සහමුලින්ම විනාශ බව ඊශ්‍රායලයම පිළිගනී.
මේ බව පවසා සිටියේ ඊශ්‍රායල මුදල් ඇමති ස්මොට්‍රිච් විසින්.
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙත නියානු පවසා සිටින්නේ ජනතාව ආරක්ෂාව පතා ආරක්ෂක ස්ථාන කරා යොමු කරවන බවයි.
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි Marshal Abdel Fattah el-Sisi පසුගිය ඉරිදා අවධාරණය කර සිටියේ ගාසා තීරය තුල මානුෂීය සටන් විරාමයක් දියත් කළ යුතු බවයි.
ඊජිප්තුව, එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍යයන් විසින් ගනු ලැබූ ඒකාබද්ධ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරය තුළ විපතට පත් ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමේ වැඩපිළිවෙළක් දියත් කෙරිණි.
“ගාසා තීරයේ කුසගින්න යුද්ධය සහ සමූලඝාතන යුද්ධය දිගටම පවතින තාක් කල් සාකච්ඡාවල යෙදීමේ හෝ නව සටන් විරාම යෝජනා සලකා බැලීමේ කිසිදු තේරුමක් නැත,”යන්නයි හමාස්ංවිධානයේ අදහස වී ඇත්තේ