පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනයට අයත් කාශ්මීරයේ ස්ථාන නවයක් ඉලක්ක කර ගනිමින් ඉන්දියාව විසින් ප්‍රහාර මාලාවක් ඊයේ දිනයතුල සිදුකොට ඇත. 24News රූපවාහිනී නාලිකාව වාර්තා කළේ මෙම ප්‍රහාර මගින් පකිස්තානයෙ ,අහමඩ්පූර් ෂාර්කියා, මුරිඩ්කේ, මුසෆරාබාද්, කොට්ලි, බාග් සහ ෂකර්ගාර් ඇතුළු ප්‍රදේශවල සිවිල් වැසියන් 26 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලැබූ බවයි.
ප්‍රති ප්‍රහාර එල්ලකළ පකිස්ථානය, ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා පහක් වෙඩි තබා බිම දැමූ බවත්,එහි ප්‍රතිඵලයක් ලෙස තවත් සිවිල් වැසියන් විශාල ප්‍රමානයකට හානි සිදු වූ බවත් පකිස්තානය ප්‍රකාශ කරයි. දේශසීමා හරහා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම තවදුරටත් සිදුවන බව AP පුවත් සේවය වාර්තාකරයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දෙරටෙන්ම ඉල්ලාසිටින්නේ එදිරිවාදිකම පසෙකලා සාකච්චාවෙන් සම්මුතියකට එන ලෙසයි. ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු ලෝක නායකයින් පවතින තත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා වහාම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.
කාශ්මීරයේ ගුවන් ප්‍රහාර අතර ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා පහක් වෙඩි තබා බිම දැමූබව පකිස්තානය කියයි

Pakistan says it shot down five Indian fighter jets during airstrikes in Kashmir