Hot News

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කරයි

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.අශ්වින් සිය IPL දිවිය අවසන් කරන්නේ…

Hot News

ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතුයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බවත් ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට…

Hot News

කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තබයි

කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තැබීමේ සිද්ධියක් වාර්ථාවී තිබෙනවා.පසුගිය 25 වෙනිදා මෙම…

Hot News

කුලියාපිටියේ රිය අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

කුලියාපිටිය, පල්ලේවෙල ප්‍රදේශයේදී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පාසල් ළමුන් රැගත් වෑන් රථයක්…

Hot News

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළැඹෙන සැප්තැම්බර් මස…

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කරයි

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
අශ්වින් සිය IPL දිවිය අවසන් කරන්නේ එම ලීගයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙසයි.

හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අද ඔහුගේ ‘X’ ගිණුමේ සටහනක් හරහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් විශ්‍රාම යන බව නිවේදනය කළා.
අශ්වින් සිය IPL වෘත්තීය ජීවිතය අවසන් කරන්නේ තරඟ 221 කදී කඩුලු 187 ක් දවා ගනිමින් එම ලීගයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙසයි.
ඔහු තම IPL වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සහ අවසන් කළේ ඔහුගේ උපන් නගරය වන චෙන්නායි සුපර් කිංග්ස් සමගින් වන අතර
2010 සහ 2011 දී එම කණ්ඩායම දිනාගත් IPL ශූරතා ජයග්‍රහණවල අනිවාර්ය සාමාජිකයෙකු බවට පත්වුනා.
පසුගිය වසරේ 2024 දෙසැම්බර් මාසයේදී පැවති බෝඩර්-ගවස්කාර් කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන් ටෙස්ට් තරඟයෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමද සිදු වුනා.
කේසේනමුත් ඔහු ඉදිරියේදී විදේශීය T20 ලීගයන් සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරයි.

ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතුයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බවත් ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට එක්වෙමින්.

ආනයන සීමා ලිහිල් කිරීම මගින් රජය සතු ඩොලර් සංචිතයට සිදු වන බලපෑම වළක්වා ගනිමින් ඩොලර් සංචිත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන ආදායම් වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් රජය සතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
තේ, පොල් සහ රබර් යන වගා ආශ්‍රිත අපනයන සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී එම ක්ෂේත්‍ර තුළ වර්තමානයේ මතු වී ඇති අභියෝග සහ ගැටලු මෙන්ම, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා වන යෝජනාද මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.
ආර්ථිකයට තිරිංග යොදා සීමා කළ නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද මෙහිදී අවධාරණය කළා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, තේ, රබර්, පොල් වගා ආශ්‍රිත කර්මාන්තයන්ට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිල්ලක්

මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බැවින් ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව ඇමති හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනෙකු සඳහා අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත නිදහස්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.

කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තබයි

කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තැබීමේ සිද්ධියක් වාර්ථාවී තිබෙනවා.
පසුගිය 25 වෙනිදා මෙම ගිණි තැබීම සිදුකර ඇති අතර ඒ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ෙවනගල කර්මාන්ත ශාලාවට උක් සපයන ගොවීන්ගේ වගා භූමි මෙලෙස් ගිනි තබා ඇති අතර මෙම ගින්නෙන් උක් මෙට්‍රික් ටොන් 14000ක පමණ වගා භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි සදහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ලංකා සීනි සමාගමේ නිළධාරීන් සෙවනගල පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මොනරාගල දිස්‍ත්‍රික් සම්බධීකරණ කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන ඊයේ දින සෙවනගල කර්මාන්තශාලාවට පැමිණ කර්මාන්තශාලාවේ නිළධාරින් සහ ගොවි ජනතාව සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය ලෙස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාකර තිබෙනවා.

කුලියාපිටියේ රිය අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

කුලියාපිටිය, පල්ලේවෙල ප්‍රදේශයේදී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අද සිදු වූ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර් රථයක් හා පාසල් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද (27) උදෑසන 7.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් සිසුවියන් දෙදෙනෙකු හා වෑන් රථයේ රියදුරු මියගොස් තිබුණා.

එසේම, තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසු වන බවයි සඳහන් වෙන්නේ.

ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය පාර්ලිමේන්තුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ප්‍රකාරව ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

යම් තනි නිෂ්පාදනයකට අදාළ උපරිම සිල්ලර මිල සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය සහ යම් නිශ්චිත ඖෂධයක හෝ යම් නිශ්චිත ඖෂධ කාණ්ඩයක මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවට අදාළ උපරිම ඉහළම සීමා මිල සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙමින්, 2025 අංක 02 දරන ‘ඖෂධ (ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය) නියෝග’ නිකුත් කර ඇති අතර, එම නියෝග, අංක 2446/34 දරන 2025-07-21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණී පවසනවා.

ඒ අනුව, මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශ සඳහා ඔහුට අවසර ලබාදී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් මාධ්‍යයට අදහස් දැක්වීම සිදු කර තිබුණා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයට ආධාරක සැපයුම් පද්ධතියක්

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ආරක්ෂාකාරීව අක්‍රිය කිරීම සඳහා එම බලාගාරය තුළ සහායක විදුලි සැපයුමක් නොමැති වීම හේතුවෙන්, රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතියේ සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියේ ආධාරක විදුලි සැපයුම අක්‍රීය වන අතර, සිසිලනය සඳහා දින 4 ක් හෝ 5 ක කාලයකට බලාගාරයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදුවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදුවන බවයි සඳහන් වන්නේ.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා තාක්ෂණික වශයෙන් යෝග්‍ය විසඳුමක් සොයා බැලීම පිණිස පත් කරන ලද කමිටුව විසින් අත්‍යවශ්‍ය පද්ධති සඳහා කෙටි කාලයක් තුළ ක්‍රියාවට නැංවිය හැකි, නොකඩවා ක්‍රියාත්මක වන ආධාරක උප විදුලි බල සැපයුමක් හඳුන්වාදීම සුදුසු බවට යෝජනා කර ඇති අතර, ඒ අනුව එසේ ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළැඹෙන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔහු අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

2010 අගෝස්තු 26 හෝ ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටියදී අතුරුදහන් වූ පුද්ගලයකු සම්බන්ධ නඩුවක් සඳහා, එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.