Hot News

අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා උත්සාහය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කරනබවට නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් ගෙන් ප්‍රකාශයක්

දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතියක් පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා ඉහළ…

Hot News

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක්

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක් ඊයේ අරලියගහ මැදුරේදී පැවැත්වුණා.මෙය පැවැත්වුණේ රාජ්‍ය සේවය ඵලදායි සහ…

මුහුදු බත් වූ නෞකාවෙන් ශ්‍රී ලංකාවට තවත් බලපෑම්.

ඉන්දියාවේ කේරල වෙරලට සැතපුම් 38ක් ඔබ්බෙන් අනතුරකට ලක් වී මුහුදු බත් වූ නෞකාවේ තිබූ අපද්‍රව්‍ය වලින් ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන කිහිපයකට සමුද්‍ර දුෂණ සිද්ධීන් වාර්තාවේ.
මෙම නෞකාවේ රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් පබලු, බහාලුම් 643ක් සහ ඉන්ධන මෙට්‍රිරික් ටොන් 452ක් අන්තර්ගත විය.
අපද්‍රව්‍ය මගින් ලංකාවේ උතුරු හා බටහිර වෙරළට වන බලපෑම් පිළිබඳව පසුගියදා ඉන්දීය ආරක්ෂක බලකාය සහ ITOP ආයතන පුරෝකථනය කලා. ඒ අනුව ඩෙල්ප් දූපත, යාපනය හා මන්නාරම යන ප්‍රදේශ ප්ලාස්ටික් පබලු වලින් දූෂණය වීම ගැන වාර්තා වී තිබුණා.
සමුද්‍ර දූෂණය අවම කිරීමට සමුද්‍රා ආරක්ෂණඅධිකාරිය , ත්‍රිවිධ හමුදාව සමග පවිත්‍රතා මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

අද වෙළෙද පොළෙන්

ඵලදායිතා සංවර්ධන විශේෂඥ අන්තර්ජාතික පුහුණු වැඩසටහන අදින් ඇරඹෙයි.

ඵලදායිතා සංවර්ධන විශේෂඥ( මූලික) අන්තර්ජාතික පුහුණු වැඩසටහන ( Training Course on Development of Productivity Specialist ) අද කොළඹදී ආරම්භ වුණා.

එය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ අතර ආසියානු ඵලදායීතා සංවිධානයේ ( APO) අනුග්‍රහයෙනුයි පැවැත්වෙන්නේ.
අද ආරම්භ වූ පුහුණු වැඩසටහන 27 වෙනිදා නිමා වෙනවා. කොළඹ NH collection හෝටලයේදී පැවැත්වෙන වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් දහතුනක් සහභාගී වෙනවා.

ඵලදායීතා සංවර්ධන විශේෂඥයන් ප්‍රමාණය 25ක්. මෙහි අරමුණ ආසියානු ඵලදා‍යිතා සංවිධානයේ සාමාජික රටවල ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ මෙවලම් හා ශිල්පීය ක්‍රම පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබාදීමයි.

මෙහි දී ඵලදායීතාව හා ව්‍යාපාර තරගකාරීත්වය ,සමාජයේ රටවල ආර්ථික ඵලදායිතාව සඳහා බලපා ඇති ගැටලු හා අභියෝග, ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ශිල්පීය ක්‍රම ,ඵලදායීතා නිපුණතා සංවර්ධනය කිරීම යන කරුණු සාකච්ඡා කෙරනු ඇත.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් S.W.C ජයමිණි ඇතුළු කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් සහ ජාතික ඵලදායීතා ලේකම් කර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා උත්සාහය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කරනබවට නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් ගෙන් ප්‍රකාශයක්

දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතියක් පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීම පිළිබඳවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත්ගෙ ඇගයුමට ලක්වෙ . ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හ්තමුවු අවශ්තාවෙ මෙබව ප්‍රකාශ කලාය.

එසේම, රජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලදී රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ඇය මෙම උත්සාහයන් තිරසාර බවට පත් කිරීමේ සහ පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවට මෙහිදී ගෝපිනාත් මහත්මිය සහතික වූවාය.
ශ්‍රී ලංකාවේදී තමාව උණුසුම් ලෙස පිළිගැනීම පිළිබඳ ගෝපිනාත් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන දෙකෙහිදීම රජයට ලැබුණු සවිමත් ජනවරම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට ශක්තියක් වන බව සඳහන් කළාය.
දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් පිළිබඳව සඳහන් කළ ඇය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීමට ලක් කළාය.
එසේම, රජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලදී රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ඇය මෙම උත්සාහයන් තිරසාර බවට පත් කිරීමේ සහ පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවට මෙහිදී ගෝපිනාත් මහත්මිය සහතික වූවාය.
ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කළේය.
මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 25% ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද සඳහන් කළේය. ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග සහ එයින් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.කෙසේ වුවත්, මෙම අවදානම් ඵලදායී ලෙස කළමනාකරණයටත්, ඒවායේ බලපෑම අවම කිරීමටත් සුදුසු පියවර ගනිමින් සිටින බව ජනපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට සහතික විය.
ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතාව, විශේෂයෙන්ම මෙරට අපනයනවලින් 23%කට යුරෝපා සංගමයේ වෙළඳපොළවලට ප්‍රවේශය ලබා දෙන GSP+ වෙළෙඳ සහනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමෙන් ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ආ හැකි බව පැවසීය. වත්මන් පාලනය ජනතාව කේන්ද්‍ර කරගත්තක් බවත්, මහජන අභිලාෂයන් සමඟ සමපාත වෙමින් රට ඉදිරියට ගෙන යාමට රජය කැප වී සිටින බවත් ජනපතිවරයා යළි අවධාරණය කළේය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන,
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඊශ්‍රායලය-ඉරාන ගැටුම් උග්‍ර අතට

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම තියුනු ලෙස උත්සන්න වෙමින් පුළුල් මැද පෙරදිග යුද්ධයක් පිළිබඳ බිය මතු කරමින් අතිබව විදෙස් මාධ්‍ය අනතුරු අගවයි .මෙවනවිට ඊශ්‍රායලය විසින් ඉරානයෙ නටාන්ස් සහ ඉස්ෆහාන්හි න්‍යෂ්ටික මධ්‍යස්තාන ඇතුළුව ප්‍රධාන ස්ථාන 100 කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති අතර මෙම ගුවන් සහ ඩ්‍රෝන උපයොගිකරගත් ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුමෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම මරනයට පත්ව තිබෙ. ඊශ්‍රායල ආරක්ෂක මූලාශ්‍රවලට අනුව, මෙම ප්‍රහාර වල අරමුනවි ඇත්තෙ ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික හැකියාවන් දුර්වල කිරීමයි.


මහා පරිමාණ පළිගැනීමේ පියවරක් ලෙස, ඉස්ලාමීය ජනරජය මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක්කින් , ටෙල් අවිව්, හයිෆා, ජෙරුසලම සහ අෂ්ඩෝඩ් ඇතුළු ඊශ්‍රායල නගරවලට පහර දෙනලදි. මූලික වාර්තා මගින් අනාවරනය වන පරිදි අවම වශයෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් අට දෙනෙකු මිය ගොස් ඇති අතර විශාල ප්‍රමානයක් තුවාල ලබා ඇත. ඉරානයෙ , ප්‍රාදේශීය මාධ්‍ය පවසන්නේ 220 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර, මෙම පිරිස බොහෝ දුරට හමුදා සහ ඊට සමිප ප්‍රදේශවල බවත්, ඒ අතර සිවිල් වැසියන්න්ට ද සිටින බවත්ය.

ගෝලීය බලවතුන් මෙ පිලිබන්ද දඩි අවදානය යොමු කරමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ G7 වහාම ගැටුම් අවම කරන ලෙස ඉල්ලා තිබේ. එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ නොවූවත්, කලාපයට සමීපව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහා හදිසි සැලසුම් ක්‍රියාත්මක කර ඇත.

භූ දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ තත්වය අසල්වැසි රටවලට පැතිර යා හැකි අතර ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි ලෙස බලපානු ඇති බවයි. ඉරාකය, යේමනය සහ ලෙබනනය්ය ඩක්වා මෙම ගැටුමට ඇදී යා හැකි අතර එමඟින් කලාපය තවදුරටත් අස්ථාවර විය හැකිය.

ඉරානයේ නවතම බැලස්ටික් මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයට දැඩි හානි

අද උදෑසන ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඊශ්‍රායලයේ, බෙනි බරක් ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව තානාපතිවරයා පැවසුවේ‍ය.

ඉරානය අද (ජුනි 16) අළුයම නැවත වරක් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

ඊශ්‍රායලයේ ජාතික හදිසි සේවා ඒකකය වන මැගන් ඩේවිඩ් ඇඩොම්ට අනුව, මධ්‍යම ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තවත් 87 දෙනෙකු තුවාල ලබා ඇත.

මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු වන අතර ඔවුන් සියලු දෙනා 70 වන වියේ පසුවන බව වාර්තා වේ.

යුද්ධය දුරදිග ගියොත්  ශ්‍රී ලංකාවට මොකද වෙන්නෙ ?

1තෙල් මිල සහ ඉන්ධන පිරිවැය ඉහළ යාම

මැදපෙරදිග යුද ගටුම් හෙතුවෙන්  ගෝලීය තෙල් මිලෙහි 12% ක වැඩිවීමක් සිදුවියහැකි  අතර එමගින්  ඉන්ධන ආනයන සඳහා පමණක් වසරකට ශ්‍රී ලංකාවට අමතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වැය විය හැකි බවට  රොකතනය කරයි. ඉහළ තෙල් පිරිවැය ද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ නංවන අතර ශ්‍රී ලංකා රුපියල සහ විදේශ විනිමය සංචිත මත පීඩනයක් අතිකරයි.

2 වෙළඳාම සහ අපනයන අවදානම

ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 25% ක් මැදපෙරදිග වෙළඳපොළ දරන අතර  ඇණවුම් 5% කින් පහත වැටුනහොත්  වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් පමණ විනිමයක් අපට  අහිමිවනු ඇත .  

3. විදේශ සේවකයින්ගෙන් ලැබෙන විනිමය පහලයාම්

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල අස්ථාවරත්වය විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සේවකයින්ගේ රැකියා අහිමිවීම් හෝ වැටුප් අඩු කිරීමට හේතු විය හැක. පුද්ගල මට්ටමින් ඔවුන්ගෙ දායකත්වය  10% කින් පහත  පහත වැටුනත්  විදේශ විනිමය ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 320 කින් පමණ අඩු විමට හෙතුවෙ ..

4. සංචාරක  ව්‍යාපාරයට වන  බලපෑම

ඉහළ ඉන්ධන මිල ගණන් හෙතුවෙන්  ගුවන් ගමන් ගාස්තු වැඩි විය හැකි  අතර මැද පෙරදිග ප්‍රවාහන මධ්‍යස්ථාන හරහා ගමන් කිරීම අධෛර්යමත් කරයි, එය විදේශ   විනිමය ලැබෙන   වැදගත් ප්‍රභවයක් වන අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරයට බලපායි.

.5.පොදු ආර්ථික අවදානම්

ගෝලීය වශයෙන් බලශක්ති මිල ඉහළ යාම මහ බැංකුවලට පොලී අනුපාත ඉහළ දැමීමට බල කළ හැකි අතර, එමගින්  ඇඟලුම් සහ තේ වැනි ශ්‍රී ලාංකික අපනයන සඳහා ගෝලීය ඉල්ලුම දුර්වල කරයි.

මූල්‍ය පීඩනය: පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට   ඉන්ධන සඳහා සහනාධාර ලබා දීම වැනි  කටයුතුවලට යොමුවිමෙන්  රජයේ මූල්‍ය කටයුතුවලට සහ ශ්‍රී ලංකාවේ ණය ක්‍රියාවලියට බලපායි.

.6. සැපයුම් දාමය සහ සමුද්‍රීය ගැටළු

ගෝලීය නැව් මාර්ගවල බදා හෙතුවෙන් භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ නැංවිය හැකි අතර ප්‍රවාහන කටයුතු   තරමක් ප්‍රමාද කළ හැකි අතර එමඟින් අපනයන / ආනයන සැපයුම් මත පීඩනයක් ඇති වේ

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක්

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක් ඊයේ අරලියගහ මැදුරේදී පැවැත්වුණා.මෙය පැවැත්වුණේ රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන්.
මෙම වැඩමුළුව පැවැත්වුණේ “AI for Transforming Public Service ” යන තේමාවෙන්. නිලධාරීන් දැනුවත් කිරීම හා සූදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම මෙහි අරමුණු වුණා. ආරම්භක දේශනය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජේශ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සිදු කළා. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වුණා.

කොළඹ මහනගර සභාවේ ඡන්ද ප්‍රථිපලය

යුධ ගැටුම් සමඟ බොරතෙල් මිල ඉහලට

ඊශ්‍රායල සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම් උත්සන්න වීමත් නිසා ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල ඉහල යමින් පවති.
අද (16) දිනයේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08 කට අලෙවි වෙයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වන්නෙ ඩොලර් 75.37 ක් ලෙසයි.

යුද ගැටුම් ඇති වීමට පෙර පසුගිය 12 වනදා ලෝක වෙලඳපොලේ WIT බොරතෙල් බැරලයක මිල ඩොරල් 68.04 ක් ද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 69.24ක් ලෙස වාර්තා වෙයි.