Hot News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා අද ආශිර්වාද බෝධි පූජා පිංකමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර,…

Hot News

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ…

Hot News

දිළිඳුබව තුරන් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමර්ග ඉන්දුනීසියානු තානාපතිනියගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං ( Dewi Gustina Tobing ) මහත්මිය සහ ග්‍රාමීය…

Hot News

“දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

දකුණු පළාතේ සුව විරුවන්ගේ අමිල මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන්නට යෙදුණූ “දක්ෂිණ සුව විරුවෝ – 2024”…

ඒකාබද්ධ කාලසටහනට බස් රථ ධාවනය කිරීම සදහා සාකච්ඡා

                  රජය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත පුත්තලම් මාර්ගයේ , කොළඹ සිට යාපනය දක්වා සහ ආපසු ගමන් වාර සටහන් ඒකාබද්ධ කිරීම පිළිබඳ මාධ්‍ය හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙම මාධ්‍ය හමුවට. ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සභාපති ඉංජිනේරු පි. ඒ. චන්ද්‍රපාල ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක සහභාගි වුණා.


මෙය බහුවිධ ප්‍රවාහන වැඩසටහනේ මූලික ආරම්භයයි.
අනාගතයේදී බස් රථය, දුම්රිය සහ අනෙකුත් බහුවිධ ප්‍රවාහන අවශ්‍යතා එක ස්ථානයකින් ඒකාබද්ධ කාල සටහනකින් ක්‍රියාත්මක වීම තුලින් මගී ජනතාවට ඉතාමත් පහසු සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීම රජයේ ප්‍රමුඛ අරමුණ වේ.

මෙම වැඩසටහනෙහි පසුබිම සහ මෙම තත්ත්වයට රැගෙන ඒම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංගමය (SLTB) සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පුද්ගලික අංශයේ බස් හිමියන් ඒකාබද්ධව සිදුකළ කාර්ය භාරය.
  • 2.1 මාර්ග අවශ්‍යතාවය සොයා බැලීම සහ ඒ අනුව බස් රථ අවශ්‍යතාවය සහ කාල සටහන් අවශ්‍යතාවය හඳුනා ගැනීම.
  • 2.2 එම ඉහත මාර්ග අවශ්‍යතාවය ඒකාබද්ධ කාලසටහන් ගත කිිරීම.
  • 2.3 එම කාලසටහන් අනුව ඒකාබද්ධ බස් ධාවනය සඳහා සිදුකළ යුතු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම් හඳුනා ගැනීම.
  • 2.4 මාර්ග පර්යන්තය, බස් නැවතුම් සහ කාලසටහන් ක්‍රියාන්විතය සඳහා නිලධාරින් හඳුනාගැනීම.
  • 2.5 ඉහත වැඩසටහන ස්ථිරසාර කිරීම සඳහා සැලසුම.
  • 2.6 සමස්ථ වැඩපිළිවෙල ඒකාබද්ධව නියාමනය (NTC, SLTB, රථ වාහන පොලීසිය)
  • 2.7 රියදුරාට විවේකය සැලසීම.
  • 2.8 ආපනශාලා, පිරිසිදු ආහාර, සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ නියාමනය.
  • 2.9 ඉහත සමස්ථ වැඩපළිවෙල තුළින් මගියාගේ විශ්වාසය ඛන්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ශව අතර සන්නිවේදනය.
  1. NTC, CTB (SLTB) ඉහත අංක 2 යථාර්ථයක් කිරීම සඳහා සිදුකළ යුතු කාර්ය භාරය
  • 3.1 SLTB, NTC අතර සාකච්ඡා සහ එකඟතාවය මඟින් ඒ සඳහා සූදානම් කිරීම.
  • 3.2 LTB,NTC සහ පුද්ගලික බස් හිමියන් අතර එකඟතාවය සඳහා සංවාද පැවැත්වීම.
  • 3.3 ක්ෂේත්‍ර සමීක්ෂණ සඳහා.
  • 3.4 දළ කාලසටහන් නිරමාණය.
  • 3.5 එම කාලසටහන් SLTB ආයතනයේ ඩිපෝ කළමනාකරුවන් සහ පුද්ගලික බස් හිමියන් සමඟ එකඟතාවය සිදු කර ගැනීම.
  • 3.6 NTC,SLTB ආයතන ප්‍රධානීන් සහ SLTB සිටින කළමනාකරුවන් සමඟ සහ පුද්ගලික බස් හිමියන් සමඟ අවසාන එකඟතාවය වෙනුවෙන් සාකච්ඡා සඳහා එකඟතාවය.
  • 3.7 එම කාලසටහන් හාපර්යන්ත NTC ආයතනය සහ SLTB ආයතනය ඒකාබද්ධව ක්ෂේත්‍ර වැඩසටහනක් තුළින් Bastion Mw (බැස්ටියන් මාවත) බස් පර්යන්තයේ ප්‍රදර්ශනය කිරීම.
  • 3.8 මෙම ඒකාබද්ධ කාලසටහන් සදහා භූමියේ සිදුකළ යුතු යටිතල පහසුකම් සැකසීම. NTC, SLTB, CMC සහ රථ වාහන පොලීසිය ඒකාබද්ධව සිදු කිරීම.
  • 3.9 ඉහත ක්‍රියාන්විතය සඳහා NTC සහ SLTB ඒකාබද්ධව නිලධාරින් සේවයේ යෙදවීම.
  • 3.10 මෙය අනාගත සැලසුමේ මූලික පියවරක් ලෙස හුදෙක්ම මගී පහසුව පෙරදැරිව ක්‍රියාත්මක කිරිම.
  1. අනාගත සැලසුම්
  • 4.1 GPS තාක්ෂණය මඟින්මෙම ඒකාබද්ධ කාලසටහන් භූමියේ ක්‍රියාත්මක වීම මධ්‍යගත මැදිරියක සිට නිරීක්ෂණ්‍ය කිරීමත් එමඟින් මෙම වැඩපිළිවෙල සාර්ථක දිසාවට මෙහෙයවීමත් සිදු කරනු ලබයි.
  • 4.2 මෙම තාක්ෂණික මෙවලම් වල දිගුවක් මගී ජනතාව වෙත ලබාදීමෙන් ඔවුන් මෙම ක්‍රියාවලියේ සක්‍රීය කොටස් කරුවන් කර ගැනීම.
  • 4.3 මගියා සහ සියළු පාර්ශව අතර සන්නිවේදන වැඩපිළිවෙලක් නිර්මාණය සහ ස්ථාපනය.
  • 4.4 කාලසටහන සහ එය හොදින් ක්‍රියාත්මක වීමේ ඵලය අත්විදීම සහ ඒ තුළින් ගුණාත්මක භාවය ඉහළ නැංවීම.
  • 4.5 ඵලදායී ලෙස බස්රථ ධාවනය තුළින් ජාතික ආර්ථිකය සහ සමපාත වන ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම.

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව දෙස් විදෙස් නායකයන් රැසක් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඒ සියලු දෙනාගේ මතය වෙනුවෙන් මෙවැනි සුළු කරුණක් නිසා ඔහුව අත්අඩංගුවට ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී හැඟීමක් පවතින බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් කනස්සල්ල පළ කර තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා අද ආශිර්වාද බෝධි පූජා පිංකමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ සුවදුක් විමසීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඔහුට සෙත් පතා අද (24) අනුරාධපුර රුවන්වැලි මහ සෑයේ මළුවේදී ආශිර්වාද බෝධි පූජා පිංකමක් සංවිධානය කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක වෛද්‍ය නිරන්ජන් විජේසූරිය මහතා පැවසුවේ, මෙම බෝධි පූජා පිංකම පක්ෂ භේදයකින් තොරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවය ප්‍රාර්ථනා කරමින් සිදුකරන බවයි.

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රේගු නව්‍යකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කර ඇති අතර, ඒ පිළිබඳව ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක් වූහ.

එසේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ උපදෙස් ලබා දීමටත් ලෝක බැංකු නියෝජිත පිරිස එකඟතාව පළ කළ අතර, රේගු ආඥා පනත සංශෝධනය කිරීම සම්බන්ධවද අදහස් හුවමාරු කර ගැනිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව බදු ආදායම් රැස් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන අතර, එම ආයතන රාජ්‍ය අධිකාරීත්වය තුළ පවත්වාගෙන යමින් දේශීය ආර්ථිකය ඉහළට ගෙන ඒමටත්, අදාළ ආයතන තුළ සිදුකළ යුතු ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් හදුනාගෙන රජයට වාර්තා ඉදිරිපත් කිරීමත් අරමුණු කරගෙන ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ලෝක බැංකුවේ පුහුණු කළමනාකාර ෂාභි ඒ. මොහිබ් (Shabih A Mohib), ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ඩබ්. එල්. සී. තිලකසිරි යන මහත්වරු, රේගු නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිළිඳුබව තුරන් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමර්ග ඉන්දුනීසියානු තානාපතිනියගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං ( Dewi Gustina Tobing ) මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක්  පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපාය, අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමර්ග සහ ශ්‍රී ලංකාවේ දිළිඳුබව තුරන් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳව අගය කළ ඉන්දුනීසියානු තානාපතිතුමිය ඉදිරියේදී අඛන්ඩව රජයේ වැඩපිළිවෙලට සහය ලබාදෙන බව ද සඳහන් කළාය.

එහිදී අමාත්‍යවරයා , සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවත් ඉන්දුනීසියාවත් අතර ඇති රාජතාන්ත්‍රික සබඳතවන්හි වැදගත්කම පිළිබඳව හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සහ සවිබලගැන්වීමේ ව්‍යාපෘති පිළිබඳව තානාපතිතුමිය දැනුම්වත් කළේය.

ඉන්දුනීසියානු ජනරජයේ 80 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු කොමසාරිස් කාර්යාලය සංවිධානය කරන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට අමාත්‍යවරයාට ඇරයුම් කිරීමද එහිදී සිදුවිය.

මෙම අවස්තාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ දේශපාලන සම්බන්ධීකාරක Laial K. Unniarti මහත්මිය ද එක්ව සිටියාය.

ඇමති සමග සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ස්ථාවරය කියයි

අද (24) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් පැවසුවේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තුර වර්ජනය සම්බන්ධයෙන් නිෂ්චිතව කිව නොහැකි බවය.

“සාකච්ඡාව පිළිබඳ අවසන් තීන්දුවක් තාම කියන්න බැහැ. තැපැල්පතිවරයා ලිඛිතව අපිට දෙන්න ඕනේ. යම් යම් කාරණා ගැන එකඟතාවයන් තියෙනවා. හැබැයි අපිට ඒක පිළිගන්න වෙන්නේ ලියවිල්ලක් ඉදිරිපත් වුණාට පස්සේ. ඒ ලියවිල්ලත් එක්ක අපි වැඩවර්ජනය ගැන අවසන් තීන්දුවක් ගන්නවා.”

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

“දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

  • සුව සේවාවේ මානව සම්පත සංවර්ධනයේ දී සියලු කාර්ය මණ්ඩල තුළ සමගිය සහ වෘත්තීමයභාවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්පුහු වැඩ වර්ජන තුළින් පද්ධතීන් කඩාවැටීමට ලක්වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

දකුණු පළාතේ සුව විරුවන්ගේ අමිල මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන්නට යෙදුණූ “දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වසරකට වරක් පැවැත්වෙන මෙම “දක්ෂිණ සුව විරුවෝ” අභිසෙස් උළෙල මගින් දකුණු පළාතේ ලක්ෂ 27 ඉක්ම වූ ජනතාවකට රෝග නිවාරණය හා ප්‍රතිකාර සේවා සපයමින් එම ජනතාව සුවපත් කිරිම සඳහා කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය ආයතන 203 ක 9000 කට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අධීක්ෂණයට ලක් කරමින් තෝරාගත් විශිෂ්ටයින්ට සහ විශිෂ්ට සෞඛ්‍ය ආයතන සඳහා සම්මාන සහ සහතික පත්‍ර පිරිනමනු ලබයි. 2011 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන මෙවර පැවැත්වූයේ 11 වන වරටය.

සෞඛ්‍ය සේවාවේ ඉදිරි ගමන වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් සැපයීමට අමතරව සුව විරුවන් හඳුනාගෙන ඇගයීමට ලක් කිරිම අතිශය වටිනා කර්තව්‍යයක් බව මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සියවස් ගණනාවක් තිස්සේ මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සෞඛ්‍ය වෘත්තිකයි‍න්ගේ කැපවීමේ සහ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ පිළිගත් සෞඛ්‍ය සේවාවක් බවට මෙරට සෞඛ්‍ය සේවාව පත්ව ඇති බව ද පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ දී බිලියන ගණනින් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ ද වැගත්ම සම්පත මානව සම්පත බව පෙන්වා දුන් අමාත්‍යවරයා මානව සම්පත සංවර්ධනය කිරීමේ දි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනා අතර සමගිය සහ වෘත්තිමයභාවය යන  ප්‍රධාන කරුණු 02 ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. මූලික සරල කරුණු, සාකච්ඡා කර විසදාගත හැකි කරුණු හෝ දේශපාලන අවශ්‍යතාව මත වෘත්තිය සමිති සිදු කරන වැඩවර්ජන තුළින් පද්ධතීන් කඩා වැටිමට ලක්වන බව ද කාර්ය මණ්ඩලවල වෘත්තියමයභාවය ඉහළ නැංවීමට රජය නිරතුරුව කටයුතු කරන බව ද අවධාරණය කරන ලදි.

මෙරට සෞඛ්‍ය සේවාව එක් එක් කාලයන් හි පැවැති අභියෝග ඉතා හොදින් ජයග්‍රහණය කර ඇති බවත්, සෞඛ්‍ය සේවාවේ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව සෘජුව ආඩම්බරයෙන් කථා කළ හැකි වුව ද වයස්ගත ජනගහණය, බෝනොවන රෝග, මානසික සෞඛ්‍ය, පෝෂණය වැනි ඉදිරි අභියෝග හදුනා ගැනීම ඉතා වැදගත් වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා පුරවැසියාගේ වගකීම රජය විසින් බාරගන්නා විධිමත් ක්‍රමවේදයක පරිවර්ථනයක් සඳහා සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සහාය ලබාගැනීමට අදහස් කරන බවද පෙන්වා දෙන ලදි. මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ වඩා වේගවත් ශක්තිමක් පරිවර්ථනයක් සිදු කිරිම ඉතා වැදගත් බව ද සෞඛ්‍ය හා ජනමාධය අමාතය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුටත් පැවසීය.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් දකුණු පළාතේ “බී” කාණ්ඩයේ විශිෂ්ටතම රෝහල ලෙස වලස්මුල්ල මූලික රෝහලටත්, “ඒ” කාණ්ඩයේ විශිෂ්ටතම රෝහල ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මුලික රෝහලටත්, දකුණු පළාතේ විශිෂ්ටතම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  කාර්යාලය ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  කාර්යාලයටත් හිමි සමරු තිළිණ, සම්මාන සහ සහතික පත්‍ර පිරිනමන ලදි.

මව් සෞඛ්‍ය සමාජ, පාසල් දන්ත චිකිස්සාගාර කාණ්ඩය, වැඩිහිටි දන්ත සායන කාණ්ඩය, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක කාණ්ඩය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාණ්ඩය, විශේෂිත ව්‍යාපාර ඒකක කාණ්ඩය, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල කාණ්ඩය, දිස්ත්‍රික් රෝහල් ඒ,බී සහ සී කාණ්ඩය, මුලික රෝහල් ඒ සහ බී කාණ්ඩය වශයෙන් අදියර 09 ක් යටතේ පළමු දෙවන සහ තෙවන ස්ථාන වශයෙන්  සමරු තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරිමට මෙහිදී කටයුතු කෙරිණි.

 “දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල දකුණු පළාත් රෝහල් කාර්ය මණ්ඩල විසින් ඉදිරිපත් කරන ලද කලා විශේෂාංගයන්ගෙන් ද අලංකාරවත් විය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පී.ඩී විමලසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරින්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් ක්‍රීෂාන්ත ඩබ්.මහේන්ද්‍ර, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ ධර්මසිරි, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දේවිකා පටබැදිගේ, හිටපු දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වත්මන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග, දකුණු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු දකුණු පළාතේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් එක්ව සිටියහ.

කුන්ඩසාලේ බස්නැවතුම්පොලේ නාඳුනන මළ සිරුරක්

පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස්නැවතුම්පොලේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

බස් නැවතුම්පොලේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

රනිල්ට උසාවි එන්න බෑ – ජාතික රෝහලේ නි. අධ්‍යක්‍ෂ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන්න දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වනු ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

රනිල් මේ වන තෙක් වරදකරුවෙක් නොවේ – ලාල් කාන්ත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තෙක් වරදකරුවෙන් නොවන බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.