Hot News

තුෂාර උපුල්දෙණියගේ වැඩ බැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ පත් කෙරේ

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ තනතුරේ වැඩ බැලීම සඳහා…

චීන අධ්‍යයන දෙවැනි සමුළුව අද කොළඹදී ඇරඹේ.

දකුණු ආසියානු සයිනොලොජි (චීන අධ්‍යයන) විද්‍යාඥයින්ගේ දෙවැනි සමුළුව අද ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
ලෝක සයිනොලොජි මධ්‍යස්ථානය, කැලණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා – චීන සංගමය එක්ව අද (12) සහ හෙට (13) මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.
මෙහිදී සයිනොලොජි පර්යේෂණවල අධ්‍යයන අවබෝධයන් සහ චීන ජයග්‍රහණ බෙදා ගැනීමට සූදානම් වේ.
සමුළුවේ තේමාව වන්නේ ” සයිනොලොජි සහ චීන අධ්‍යයනවල දෘෂ්ටිකෝණයෙන් – දකුණු ආසියාවේ මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක භාවිතය සහ ගවේෂණය ප්‍රවර්ධනය කිරීම” යන්නයි.
සමුළුවට චීනය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණි විද්වතුන් තිහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වේ.
ඔවුන් විසින් ප්‍රධාන දේශන සහ සමාන්තර සංසද හරහා කලාපීය සයිනුලොජි සහ චීන අධ්‍යයන සංවර්ධනයට අදාළ ගැටලු සාකච්ඡා කරනු ඇත.

සිවිල් වැසියන් රඳවා තබා ගැනීමේ බලය සහිතව මැරීන් බටයින් LA වීදිවල යොදවයි

ඇමරිකානු මැරීන් බටයින් දින දෙකක් ඇතුළත ලොස් ඇන්ජලීස් වීදි වල ජාතික ආරක්ෂක භටයින්ට සමග එක්වීමට නියමිතය.
වැටලීම් වලදී ආගමන නිලධාරීන්ට බාධා කරන ඕනෑම අයෙකු හෝ ෆෙඩරල් නියෝජිතයින්ට බාධා පමුණුවන විරෝධාකරුවන් රඳවා තබා ගැනීමට මැරීන් බටයින්ට බලය ලබාදී ඇත.
කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් ගේ විරෝධතා නොතකා එක්සත් ජනපද ජනාධිපති ඩොලර් ට්‍රම්ප් හමුදා යෙදවීමට නියෝග කළේය.
එක්සත් ජනපද හමුදාව බදාදා ප්‍රකාශ කළේ මැරීන් බටයින් හත්සිය දෙනකු ගෙන් යුත් බලඇණියක් ලොස් ඇන්ජලීස් මෙහෙයුමට විශේෂිත පුහුණුවක් ලබාදී අවසන් කර ඇති බවයි.
ඔවුන් පැය 48ක් ඇතුළත ජාතික ආරක්ෂක බලකායට එක්වීමට නියමිතයි.
සිවිල් පොලිස් කටයුතු සිදු කිරීමෙන් තොරව ෆෙඩරල් නිලධාරීන්ට සහ දේපළ ආරක්ෂා කිරීමට මැරීන් බටයින් බැඳී සිටින බව එක්සත් ජනපද හමුදාව පවසයි.
සංක්‍රමණික වැටලීම් මාලාවකට ප්‍රතිචාර වශයෙන් පසුගිය සිකුරාදා එක්සත් ජනපදය තුළ විරෝධතා ඇති විය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා ජාතික ආරක්ෂක බළකාය කැදවූ අතර පසුව සඳුදා මැරීන් භටයින් කැඳවීය.
“මම ඒ ගැන ඉක්මනින් ක්‍රියා නොකළේ නම්, ලොස් ඇන්ජලීස් මේ මොහොතේ ගිනිගෙන බිමටම සමතලා වේවි,” ජෝන් එෆ්. කෙනඩි රංගන කලා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ට්‍රම්ප් පැවසීය.

-Reuters-

ජනපති සහ ජර්මානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එරට විදේශ කටයුතු අමාත්‍ය ජොහාන් වඩෆු මහතා අතර සාකච්ඡා පැවැත්විය. ඊයේ පස්වරුවේ පැවැති මෙම සාකච්ඡ ජර්මනියේ බර්ලිනහි වොල්ඩෝ ඇස්ටෝරියා හෝටලයේදී සිදු කෙරුණි.
රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ , ඩිජිටල් ආර්ථිකය ,ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගිතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ විශේෂ අවධානයට යොමු වුණා.
මේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ,ජර්මනිය ශ්‍රී ලංකා තානාපති වර්ණ මුතකුමාරණ ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වුණා.

ශ්‍රී ලංකා ජනපතිට ජර්මනියේදී රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමක්

ජනපති ජර්මානු ජනපති හමුවෙයි.

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමර දිසානායක මහතාව බර්ලිනයේ බෙල්විව් මන්දිරයේ දී ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිලිගනු ලැබුවා.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මනු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මයර් අතර ද්වීපාර්ශික සාකච්ඡා පැවැත්වුණා.


එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වුණා.

YouTube player

අද එලවළු 1Kg සඳහා තොග මිල රුපියල්

අද සහල් 1Kg සඳහා තොග මිල රුපියල්

අද පලතුරු 1Kg සඳහා තොඟ මිල රුපියල්

ජනපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනපති හමුව අද පස්වරුවේ.

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පස්වරුවේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ පැවැත්වේ.

පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන්නේ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් ම්හතාගේ ප්‍රධානත්වයෙනි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයන් දෙපල අතර නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර මහතා අද පෙරවරුවේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් එක්වුණා

YouTube player

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද

ජූනි 11 වන දින සිට ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය අද එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
WTC අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පස්වරු තුනට ආරම්භවේ.
ජයග්‍රහකයින් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක ත්‍යාග මුදලක් ලබාදීමට නියමිතයි. දෙවන ස්ථානය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.16 ක මුදලක් ලබා දේ.
තරගය ජය පරාජයෙන් තොරව හෝ සම තත්ත්වයෙන් අවසන් වුවහොත් ලෝක ටෙස් ශූරතා සෙංකෝලය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර බෙදාගනු ඇත.
තරඟයේ ජුනි 11 වන දින සිට 15 වන දින දක්වා පැවැත්වේ. ජුනි 16 වන දින අතිරේක දිනයක් ලෙස තබා ඇත.

ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් එකලොස් දෙනාගේ නම් නිල වශයෙන් දැනුම් දීම ඊයෙ දිනයේදී සිදුවුනා.
දකුණු අප්‍රිකා XI :ඒඩන් මාක්‍රම්,රයන් රිකෙල්ටන්, වියාන් මෝල්ඩර්, ටෙම්බා බවුමා (c), ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බෙඩිංහැම්, කයිල් වෙරයින් (wk), මාකෝ ජැන්සන්, කේෂව් මහරාජ්, කගීසෝ රබාඩා.
ඕස්ට්‍රේලියානු XI කණ්ඩායම : උස්මාන් කවාජා,මාර්නස් ලබුශේන්, කැමරන් ග්‍රීන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, බියු වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි (wk), පැට් කමින්ස් (c), මිචෙල් ස්ටාක්, නේතන් ලියොන්,ජොෂ් හේසල්වුඩ්.

තුෂාර උපුල්දෙණියගේ වැඩ බැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ පත් කෙරේ

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ තනතුරේ වැඩ බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව එම තනතුරේ වැඩබැලීම සඳහා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ වනවිට රක්ෂිත මේ අතර බන්ධනාගාරගත කර සිටින තුෂාර උපුල්දෙණියගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේ අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.