Hot News

ආරක්ෂක සේවා බොක්සිං තරඟාවලියේ කාන්තා අංශයේ ජය ගුවන් හමුදාවට

ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි…

Hot News

ශ්‍රී ලංකා ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan)…

Hot News

ගාසා තීරයේ සටන් විරාම යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩණ්ඩලයේ අනුමැතිය

ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් බහුතර කැමැත්තෙන්…

ආරක්ෂක සේවා බොක්සිං තරඟාවලියේ කාන්තා අංශයේ ජය ගුවන් හමුදාවට

ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ බොක්සිං තරඟාවලිය කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම තරඟාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම  සුවිශේෂී දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව අභිබවමින් රන් පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ කාන්තා බොක්සිං කන්ඩායම සමස්ථ ශුරතාවය දිනා ගැනීමට සමත්විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය දිනා ගත් අතර එහි ශූරතාවයට හිමිකම් කීමට  ශ්‍රී ලංකා යුධ හමුදාව සමත් විය.

ශූරතාවලියේ හොඳම පරාජිත ක්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් කසුන්  කුමාර හා හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා නිෂාදි මල්ෂානි යන අය සම්මාන දිනා ගන්නා  ලදී.

තරගාවලියේ කුසලාන සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ  මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සදහා  ත්‍රිවිධ හමුදා නිලධාරීන් සෙසු නිළයන් හා ක්‍රිඩක ක්‍රිඩිකාවන්  ඇතුලු පිරිසක් එක්වුහ.

ශ්‍රී ලංකා ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) අතර හමුවක් බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී පැවැවින .

ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ දීර්ඝ ඉතිහාසය සහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (Ceylon German Technical Training Institute (CGTTI) ) වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය. එම දායකත්වය හා උනන්දුව අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන තත්ත්වයක් කරා වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධමය තත්වය කලාපීය ගැටුමක් බවට පත්වෙයිද?

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධමය තත්වය අතර පසුගිය පැය 48 තුළ, රටවල් දෙකම සෘජු මිලිටරි ප්‍රහාරවල නිරත වී ඇති අතර, එය පුළුල් කලාපීය ගැටුමක් පිළිබඳ බිය මතු කරඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කරනවා.
ජාත්‍යන්තර මූලාශ්‍රවලට අනුව, ඊශ්‍රායලය මෙම සතිය මුලදී ඉරාන හමුදා සහ න්‍යෂ්ටික ස්ථාන වෙත ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඊට පළිගැනීමක් ලෙස, ඉරානය ටෙල් අවිව් සහ ජෙරුසලම ඇතුළු ප්‍රධාන ඊශ්‍රායල නගර ඉලක්ක කරගත් මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් දියත් කර තිබුනා .
නිල සංඛ්‍යා තවමත් තහවුරුකර නැතත් , දෙපාර්ශ්වයේම ජීවිත හානි සහ තුවාල සිදුවිම් පිලිබද වාර්තා වී තිබෙනවා . එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව, ගටුම්කාර තත්වයෙන් වහාම ඉවත්වන ලෙස ඉල්ලා සිටින අතර දෙරටටම රාජ්‍ය තාන්ත්‍රික ව ප්‍රශ්න විශඩා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. .
පූර්වාරක්ෂාවක් ලෙස, බොහෝ රටවල් ඊශ්‍රායලය, ඉරානය, ඉරාකය, සිරියාව සහ ජෝර්දානය යන රටවල බලපෑමට ලක් වූ ගුවන් අවකාශයන් හරහා ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර තෙල් වෙළඳපොළවල් වැඩි අස්ථාවරත්වයකින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සංයමයෙන් කටයුතු නොකළහොත් ගැටුම අනෙකුත් කලාපීය බලවතුන් ගෙ මදිහත්විමක් දක්වා පැතිර යා හැකි බවත්, මැද පෙරදිග දැනට ස්ථාවරත්වයට බාධා කළ හැකි බවත් නිරීක්ෂකයින් අනතුරු අඟවා සිටිනවා .

ගාසා තීරයේ සටන් විරාම යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩණ්ඩලයේ අනුමැතිය

ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් බහුතර කැමැත්තෙන් සම්මත වී තිබේ. ඒ ඊයේ(12) පැවති හදිසි විශේෂ සැසියකදී ය. එමෙන්ම ගාසා තීරයට මානුෂීය සහනාධාර ප්‍රවේශය සහතික කළ යුතු බව ද එම යෝජනාවෙන් ඉල්ලා සි‍ටී.

යෝජනාවට පක්ෂව ඡන්ද 149ක් ද විරුද්ධව ඡන්ද 12ක් ද ලැබී තිබේ. එමෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටිසංඛ්‍යාව 19කි.

යුද ක්‍රමයක් ලෙස සිවිල් වැසියන් කුසගින්නේ තැබීම සහ මානූෂීය සහනාධාර ප්‍රවේශය නීතිවිරෝධී ලෙස තහනම් කිරීම දැඩි ලෙස හෙළා දකින බව ද එහිදී ප්‍රකාශ විය. ජාත්‍යන්තර නීතිය යටතේ කුමන ආක්‍රමණිකයින් වුව ද මානව අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැලසිය යුතු බව ඉන් අවධාරණය කරයි. එබැවින් ගාසා තීරයේ මෙන්ම එහි සිටින සියලුම පලස්තීන සිවිල් වැසියන්ගේ අවශ්‍යතා කඩිනමින් ඉටු කළ යුතු ව ඇත.

ආක්‍රමණිකත්වයේ යෙදී සිටින ඊශ්‍රායලය සියලු අවහිරතා ක්ෂණිකව අවසන් කර, සියලුම දේශසීමා මායිම් ප්‍රදේශවලින් මානුෂීය සහනාධාර ළඟා වන බවට සහතික කළ යුතු බව ද යෝජනාවෙන් ඉල්ලා සිටී. ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතියට ගරු කරන බවට සහතික විය යුතු අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් ඒකපාර්ශ්වික ව මෙන්ම සාමූහික ව අවශ්‍ය පියවර ගත යුතු ය.

ද්විරාජ්‍ය විසඳුම පිළිබඳ යළි අවධාරණය කරන එම යෝජනාව ගාසා තීරය පලස්තීන රාජ්‍යයේ කොටසක් බව සඳහන් කර සිටී. එමෙන්ම ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ මෙන්ම නැගෙනහිර ජෙරුසලම ඇතුළු ප්‍රදේශයන් හි ජනවාර්ගික හෝ භූමිය වෙනස් කිරීමට දරන උත්සාහයන් දැඩි ව ප්‍රතික්ෂේප කරන අතර නගරයේ පූජනීය ස්ථානවල ඓතිහාසික වාතාවරණය උල්ලංඝනය කරන සියලුම ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කරයි. පලස්තීන භූමිය නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම වහාම නවත්වන ලෙස ද එමගින් ඉල්ලා සිටී.

බහුතරයක කැමැත්තෙන් යෝජනාව සම්මත වීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාව පිළිබිඹු වන බව එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී පැවසීය. පසුගිය සතියේ ඇමරිකාව සිය නිශේධ බලය භාවිත කිරීම හේතුවෙන් ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටුව පළ කළ හෙතෙම ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ වහාම හමුදා ප්‍රහාරය නතර කරන ලෙසයි.
-CGTN Sinhala

ජනාධිපති හා ජර්මනියේ සංචාරක කර්මාන්ත වල නියෝජිතයන් හමුව අද

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) ජර්මනියේ සංචාරක සහ චාරිකා කර්මාන්ත සමාගම්වල නියෝජිතයින් හමුවීමට නියමිතයි.

හමුව බර්ලීනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලේදී සිදු කෙරේ. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයට සහභාගී වේ.

එය ජර්මනියේ වාණිජ හා කර්මාන්ත සංගම් මූලස්ථානයේ පැවැත්වෙනවා. ඉන් අනතුරුව අද පස්වරුවේ බර්ලීනයේ වැන්ඩොෆ් හෝටලේදි එරට ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය ඊම් අලබලි රිඩෝවන් මහත්මිය හමුවීමට නියමිතය.

පස්වරුවේ ජනාධිපතිවරයා ජර්මනියේ සිටින ශ්‍රී ලංකා ප්‍රජාවද හමුවේ.

බෝරා සමුළුව සාර්ථක කර ගැනීමට රජයෙන් උපරිම සහාය

ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය ජූලි මස 27 වන දා සිට ජුලි 05 දක්වා කොළඹදී පැවැත්වෙයි. මෙය සිදු වන්නේ ආධ්‍යාත්මික නායක ආචාර්ය අති උතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ් තුමාගේ සහභාගීත්වයෙන් .

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා වන සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිද්ධ වුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

එහිදී බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට උපරිම සහය ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට ජනාධිපති ලේකම්වරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසක බෝරා ප්‍රජාවගේ සාමාජිකයින් පැමිණීමට නියමිතයි.ඔවුන් වෙනුවෙන් ගුවන්තොටුපල පහසුකම් ,ඇතුළු සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවගේ ආගමික නායකයන් පිරිසක් එක්වුණා.

ඊශ්‍රාලයෙන් ඉරානයට ගුවන් පහර

ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සහ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් ඊයෙ මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇත.

‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙස ඔවුන් මෙය නම් කර තිබේ.ප්‍රහාර හමුවේ ඉරානයේ වඩාත් බලගතු පුද්ගලයෙක් ලෙස සැලකෙන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරාල් හොසේන් සලාමි මිය ගොස් ඇත. මේ අතර ඊශ්‍රායලය විසින් රටටම හදිසි තත්ත්වයක් නම්කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීම්ද තහනම් කිරීමට පියවර ගෙන තිබේ.ඒ ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බවට පවතින සැකය මතයි.
ප්‍රහාර සඳහා එක්සත් ජනපද මැදිහත්වීමක් හෝ එක්සත් ජනපද සහායක් නොතිබූ බව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය.
“අද රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගත්තා. අපි ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ නොවන අතර අපගේ ප්‍රමුඛතාවය වන්නේ කලාපයේ ඇමරිකානු හමුදා ආරක්ෂා කිරීමයි” ඔහු පැවසීය.

2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔස්ට්‍රෙලියනුවන්ට දැඩි පීඩනයක්  

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාවෙ  ලකුණු 43 කට කඩුලු 4 ක් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සමත් වුනා.මිචෙල් ස්ටාර්ක් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගත් අතර පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලෝඩ්ස්හිදී පැවති 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) අවසන් මහා තරගය ඊයේ ආරම්භ වුණා.

දිනය අවසන් වන විට දෙපිලේම කඩුලු 14 ක් බිඳ වැටුණු අතර දිනය තුළ රැස් කළේ ලකුණු 255 ක් පමණි.දිනයේ මුල් ඉනිම් දෙක තුලදී තරගයේ ආධිපත්‍ය තබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.ඒ ඕස්ට්‍රේලියාවේ සියලු ක්‍රීඩකයින් ලකුණු 212 කට දවා ගනිමින්. කගීසෝ රබාඩා ලකුණු 51 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය.පිළිතුරු වශයෙන් ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු පිල මේ වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 62 ක් ලබා ගෙන ඇත. දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා (26*) හා ඩේවිඩ් බෙඩින්හැම් (17*) කඩුල්ලේ රැදී සිටී.2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය එංලන්තයේ ලෝඩ්ස් පිටියේදී ඊයේ ආරම්භ විය. අද තරගයේ දෙවන දිනයයි.

රුසියාව සිය යුද   අවි පද්ධති නවීකරණයට සුදානම්

රුසියාව නවීනතම අවි පද්ධති ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඊයේ(11) ජාතික හමුදා උපකරණ පිළිබඳ රැස්වීමක දී හෙතෙම මේ බව පැවසීය. ආයුධ සංචිතය ප්‍රමාණවත් විය යුතු බව ද ඔහු පවසා ඇත.

2027-2036 රුසියානු නව අවි සැලැස්ම සැකසීම එම රැස්වීමේදී නිල වශයෙන් ආරම්භ විය. ඉදිරි දශකය තුළ රුසියාව හමුදා පද්ධතියේ සංවර්ධනය සඳහා මෙම සැලැස්ම උපයෝගී කර ගනු ඇත.නව ජාතික අවි සැලැස්මෙන් “න්‍යෂ්ටික බලය” කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව Putin මහතා එහිදී සඳහන් කළේ ය. රුසියානු අභ්‍යවකාශ හමුදාවන් සඳහා ආයුධ පර්යේෂණය කිරීම, ප්‍රසම්පාදනය, නවීකරණයෙන් දියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක් ලබා දිය යුතු බව ද හෙතෙම පැවසීය. -CGTN Sinhala

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ පළමු රැස්වීම ලන්ඩන්හිදී

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ පළමු රැස්වීම ප්‍රාදේශීය වේලාවෙන් ජුනි 9 වැනිදා සිට 10 වැනිදා දක්වා ලන්ඩන්හිදී පැවැත්විණ. චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානි, උප අගමැති He Lifeng මහතා සහ ඇමරිකානු පාර්ශ්වයේ ප්‍රධානි, එරට භාණ්ඩාගාර ලේකම් Scott Bessent, වාණිජ ලේකම් Howard Lutnick සහ වෙළඳ නියෝජිත Jamieson Greer යන මහත්වරු එම රැස්වීමට එක්වූහ. දෙපාර්ශ්වය අවංක හා ගැඹුරු සංවාදයක් පැවැත්වූ අතර, අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වන ආර්ථික හා වෙළඳ ගැටලු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගනිමින්, ජුනි 5 වනදා රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සහ ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල ප්‍රතිඵල තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබේ. දෙපාර්ශ්වයේ ආර්ථික හා වෙළඳ ගැටලු විසඳීමේදී රැස්වීමෙන් නව ප්‍රගතියක් ලබා ගැනිණ.

චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාවල හරය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණය බව චීන ප්‍රධානියා එහිදී පැවසීය. වෙළඳ යුද්ධයකින් ජයග්‍රාහකයෙකු බිහි නොවේ. චීනය සටන් කිරීමට කැමැත්තක් නොමැති නමුත් සටන් කිරීමට බිය ද නැත. දෙපාර්ශ්වයම සමාන සංවාදයකින් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයකින් ආර්ථික හා වෙළඳ වෙනස්කම් විසඳා ගත යුතුය. ආර්ථික හා වෙළඳ සාකච්ඡාවලදී චීනය අවංක හා ප්‍රතිපත්තිගරුක ආකල්පයක සිටියි. ඊළඟ පියවර වශයෙන්, දෙපාර්ශ්වය දුරකථන සංවාද අතරතුර රාජ්‍ය නායකයින් දෙදෙනා ඇති කරගත් වැදගත් එකඟතාවය සහ අවශ්‍යතාවලට අනුකූලව දෙරටේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ කාර්යභාරය තවදුරටත් ඉටු කළ යුතුය. එසේම අඛණ්ඩව පොදු අදහස් රැස් කරමින්, වැරදි අවබෝධය අවම කරමින් සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද චීන පාර්ශ්වය එහිදී අදහස් පළ කළේය.

දෙපාර්ශ්වය එකිනෙකා දෙසට ගමන් කරමින් සිය පොරොන්දු ඉටු කළ යුතු ය. සන්නිවේදනය සහ සංවාදය පවත්වා ගත යුතු අතර චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාවල ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත්, ලෝක ආර්ථිකයට වඩාත් නිශ්චිතභාවයක් සහ ස්ථාවරත්වයක් එකතු කළ යුතු බවත් එම රැස්වීමේදී චීනය නැවත අවධාරණය කර ඇත.

මෙම රැස්වීම ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත්, ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා තවදුරටත් ස්ථාවර කර ඇති බවත් ඇමරිකානු පාර්ශ්වය ප්‍රකාශ කළේය. රාජ්‍ය නායකයින් දෙදෙනාගේ දුරකථන සංවාදයේ ජීවගුණයට අනුව මෙම රැස්වීමේ එකඟතාවය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.
-CGTN Sinhala