Hot News

දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිල ගණන්වලට පානීය ජල බෝතල් අළෙවි කළ ආපනශාලා හිමිකරුට වැඩ වරදී

විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට දෛනිකව පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිළ ගණන් වලට භාණ්ඩ අළෙවි…

Hot News

ජනතා විමුක්ති පෙරමුණේ අයට මෙය හොඳින් පුරුදුයි – නාමාල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවට මැතිවරණ කාලයේදී පොරොන්දු වූ දේවල් සිදුකළ නොහැකි වන විට, ජනාධිපතිවරයෙක් විසින් ජනාධිපති ධුර…

දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිල ගණන්වලට පානීය ජල බෝතල් අළෙවි කළ ආපනශාලා හිමිකරුට වැඩ වරදී

විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට දෛනිකව පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිළ ගණන් වලට භාණ්ඩ අළෙවි කළ විල්පත්තුවත්තුව ජාතික වන උද්‍යානයට ප්‍රවිෂ්ට වන ප්‍රධාන දොරටුව අසල පිහිටි ආපනශාලාව වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වි තිබෙනවා. ‎ ‎මෙසේ වැටලනු ලැබුවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ප්‍රවිෂ්ඨ වන ප්‍රධාන දොරටුව අසල ඇති එකම ආපන ශාලාවයි. ‎ ‎විදේශීය සංචාරකයින් පිරිසකට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැපයූ අනුරාධපුර එස්.එස්. කැබ්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂ සුනන්ද ධර්මසිරි මහතා මධ්‍යවේදියෙකු මගින් පාරිභෝගික පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ප්‍රියන්ත මහතා දුරකථනයකින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබුවා. ‎ ‎ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ප්‍රියන්ත මහතාගේ විශේෂ නියෝගයක් මත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපති එල්.එම්.එස්.නාවිමන මහතා ඇතුලු විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල වැටලීම සිදුකර කර තිබෙනවා. ‎ ‎මෙම ආපණ ශාලාව පරීක්ෂා කිරීමේදී විමර්ශන නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ රුපියල් 130යේ පාලන මිළට අලෙවි කළ යුතු ලීටර් එක හමාරේ පානීය ජල බෝතලය රුපියල් 200 ක අධික මිළකට අළෙවි කරන බවයි. ලීටර් එක හමාරේ පානීය ජල බෝතලයක මිල රුපියල් 130 කි. ඒ අනුව ලීටර් එකහමාරයේ පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 70ක මුදලක් මෙම ආපන ශාලාව වැඩිපුර අය කරගන්නා බවද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. ‎ ‎ඊට අමතරව මෙම ආපනශාලාවෙන් දෙස් විදෙස් සංචාරයකින්ට අළෙවි කරන සියලුම ආහාර කෙටි අහාර සහ බීම මෙන්ම පානිය ජල බෝතල්වල මිළ වෙළඳපොලේ පවතින සාමාන්‍ය මිලට වඩා වැඩියෙන් අළෙවි කරන බවද විමර්ශන නිලධාරීන්ට දැන ගැනීමට හැකි විය. ‎ ‎ඒ අනුව මෙම ආපනශාලාවේ කළමණාකරවරයා බැඳුම්කරයක් මත මුදා හැර ඇති විමර්ශන නිලධාරීන් ඔහුට සැප්තැම්බර් මස 11 වන දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියම කර තිබෙනවා. ‎ ‎පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් එම අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

‍රට තුල ඖෂධ හිගයක් ඇති වීමට හේතුව සෞඛ්‍ය ඇමති රටට හෙලි කරයි

පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු පවසන්නේ මේ වන විට පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීම සදහා ප්‍රදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 3,500ක මුදලක් රෝහල් සදහා වෙන්කර ඇති බවයි

හත් වන දිනටත් ක්‍රියාත්මක තැපැල් වර්ජනයේ නවතම තත්වය

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වෙනවා.
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා

අද පෙරවරු 9ට එම සාකච්ඡාව ආරම්භ වූ අතර ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවයි සඩහන් වන්නේ
විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වෙනවා
වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්ව තිබෙනවා


කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා
මේ අතර ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසුවේ වර්ජනයේ නිරතව සිටි සාමාජිකයින් රැසක් මේ වන විට සේවා කටයුතු සදහා සහභාගී වී ඇති බැවින් හෙට දිනය වන විට තැපැල් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකියාව පවතින බව

රුපියල් බිලියන 10.08ක හෙරෝයින් පසුගිය වසරේ වැටලීම් වලින් අත්අඩංගුවට

රුපියල් බිලියන 10.08ක් වටිනා හෙරොයින් ප්‍රමාණයක් මේ වසරේ ගත වූ කාලය තුළ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් මහතා පවසනවා.
ඊයේ පොලිසිය විසින් සිදු කළ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබද කරුණු දැක්වීමක් සිදු කළා.

අද අලුයම බොරලැස්ගමුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක්

බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද (24) අලුයම වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් 21 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

හිටපු ජනපති රනිල් ජාතික රෝහලට මාරු කරයි

හිටපු ජනපති රනිල් ජාතික රෝහලට මාරු කරයි

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුව මෙලෙස හිටපු ජනධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ අයට මෙය හොඳින් පුරුදුයි – නාමාල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවට මැතිවරණ කාලයේදී පොරොන්දු වූ දේවල් සිදුකළ නොහැකි වන විට, ජනාධිපතිවරයෙක් විසින් ජනාධිපති ධුර කාලය තුළ සිදුකළ දේවල් ගැන පරීක්ෂණ කරන බවත්, ඒවාට පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ අයට මෙය හොඳින් පුරුදු දෙයක් බවයි ඔහු පවසා සිටියේ.

අවසානයේදී මෙයින් සිදුවනු ඇත්තේ, කිසිදු රාජ්‍ය නායකයෙක් තමන්ගේ ධුර කාලය තුළ කිසිදු තීන්දුවක් නොගැනීම බවත්, ගත යුතු ක්‍රියාමාර්ග ගැන දේශපාලඥයන් හැටියට තමන් සියළු දෙනාම ඉදිරියේදී කල්පනා කර බැලිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ.

දේශපාලනය කරන්නේ නම් මෙවැනි දේවල් උරුමයි – මහින්ද රාජපක්ෂ

සුළු වැරදි නිසා දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදි දෙයක් බවත්, ඒ ගැන තමා කනගාටුවට පත්වෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව පවසා සිටියා.

රනිල් වික්‍රමසිංහ විසින් මෙම කාරණය එතරම් ගණන් නොගන්නා බවද, දේශපාලනය කරන්නේ නම් මෙවැනි දේවල් උරුම බවද, හිටපු ජනපති රනිල් එයට හොඳින් මුහුණදෙන බවද මහින්ද රාජපක්ෂ පවසා සිටියා.

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත්, මෙවැනි ක්‍රියාවන් පළිගැනීම් වන බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“රුබිකන් නදිය තරණය” සිදුකළේ මීට මාස 11 කට පෙර – ඇමති බිමල්

“රුබිකන් නදිය තරණය” සිදුකළේ මීට මාස 11 කට පෙර ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ශ්‍රී ලංකාව සැබෑ ජනරජයක් බවට පත් කිරීමේ ගමනේදී එහි ගාමක බලවේගය වූයේ මෙරට මහජනතාව බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ.

‍ක්‍රි.පූ. 49 දී ජූලියස් සීසර් විසින් “රුබිකන්” නදිය තරණය කිරීම පිළිබඳ ඓතිහාසික සඳහනක් උපුටා දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් සිය Facebook ගිණුමේ පළ කරන ලද සටහනකට ප්‍රතිචාර වශයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

දේශපාලනයේ දී හෝ, පාලන තන්ත්‍රයේ දී හෝ, ඇතැම් අවස්ථාවලදී නැවත ආපස්සට හැරවිය නොහැකි තීරණ ප්‍රඥාවෙන් සහ රටේ දිගුකාලීන අවශ්‍යතා මනසේ තබාගෙන ගත යුතු බවයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එම සටහන තබා තිබුණේ.

ඔවුන් තැබූ එම සටහන් පහතින්.

මහින්ද රනිල්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා.

අද (23) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසා බැලීම සඳහා මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.